දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය මගින් රට බරපතළ ලෙස අස්‌ථාවර වීමටත් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්‌ එල්ල වීමටත් ඉඩ ඇති බැවින් ජාතික හෙළ උරුමය එම සංශෝධනයට විරුද්ධ බව එම පක්‌ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28දා) සඳහන් කළේය.

රට ස්‌ථාවර නොමැති වුවහොත් රටක්‌ කළ නොහැකි යෑයි කී හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය ගැන වඩා ලිහිල් ක්‍රම අනුගමනය කිරීම හිතකර නැතැයි කීවේය.

පාඨලී චම්පික රණවක මහතා ඊයේ (28දා) එම අදහස්‌ පළ කළේ පන්නිපිටිය පාර බත්තරමුල්ලේ පිහිටි ජාතික හෙළ උරුමය පක්‌ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී රණවක මහතා මෙසේද කීය.

මේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කරනවා නම් සමස්‌තයක්‌ හැටියට ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතුයි. පොඩි පොඩි කාරණා වෙනස්‌ කිරීම ගැන අපට සාකච්ඡා කරන්න පුළුවන්. උදාහරණයක්‌ හැටියට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම ගැන කතා කරන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවට තවත් ආයතනයක්‌ හදන්න කතා කරනවා නම් අපට, ඒ කියන්නේ ද්විත්ව ක්‍රමයක්‌, සෙනෙට්‌ මන්ත්‍රණ සභාවක්‌ වගේ දෙයක්‌ කරනවා නම් පැහැදිලිව එය ව්‍යවස්‌ථාවේ හරය වෙනස්‌ කිරීමක්‌. එවැනි දෙයක්‌ කරනවා නම් ව්‍යවස්‌ථාවේ වෙනසක්‌ කළ යුතුයි. එවිට හරයාත්මක වෙනසත් සහ මතුපිටින් කරන වෙනසත් අතර වෙනසක්‌ තිබෙනවා. ඒ නිසා සංශෝධන හැටියට මතුපිටින් වෙනස්‌කම් කරන්න පුළුවන්, අලුත් අධිකරණ හදන්න, අලුත් මැතිවරණ ක්‍රම ගේන්න. නමුත් හරය ජනාධිපති ධුරය, පාර්ලිමේන්තු මැතිවරණය ආදී දේවල් වෙනස්‌ කරන්න යනවා නම් ද්විත්ව ව්‍යවස්‌ථා සභාවක්‌ හෙම ඇති කරන්න යනවා නම් එය හරය වෙනස්‌ කිරීමක්‌.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More