දේශීය පුවත්

සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ නිළධාරින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර මහතා තමන් මහනුවර පල්ලේකැලේ පිහිටි ශ්‍රී ලංකා ජාත්‍යයන්තර බෞද්ධ ඇකඩමියේ (Sri Lanka International Buddhist Academy-SIBA CAMPUS) රෙක්ටර් හෙවත් උප කුලපතිවරයා ලෙස කටයුතු කරණ බව පිළිගෙන ඇති බවයි. එලෙසම එම ආයාතනයේ වෙබ් අඩවියේද ඒ මහතා එම ආයතනයේ රෙක්ටර්වරයා ලෙස කටයුතු කරණ බවද දක්වා තිබේ.

මෙම තත්වය ඉතා බරපතලකාරී තත්වයක් බව පවසන සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ නිළධාරින්ගේ සංගමය උපාලි සේදර යනු අශීලාචාර ,සදාචාර විරෝධී ,අයාතන සංග්‍රහයද මායිම් නොකරණ ලේකම්වරයෙක් ලෙස රජයේ ආයාතනයක කටයුතු කරණ බවයි. එලෙසම මෙම පුද්ගලයා ශ්‍රී ලංකා ජාත්‍යයන්තර බෞද්ධ ඇකඩමියෙන් උපාධි ලබා පිටවන පුද්ගලයන් 40කට ආසන්න පිරිසකට ජාතික අධ්‍යාපන ආයාතනයේ කථිකාචාර්ය තනතුරු පිරිනැමීමට කටයුතු කරමින් සිටින බවද සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ නිළධාරින්ගේ සංගමය චෝදනා කරයි.

තවද සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ නිළධාරින්ගේ සංගමය වැඩිදුරටත් චෝදනා කරන්නේ උපාලි සේදර මහතා මහතා විවෘත විශ්ව විද්‍යාල දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍යය අමාත්‍යාංශයේ විෂය මාලා සංවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ජාත්‍යයන්තර බෞද්ධ ඇකඩමියෙන් පිටවූ පුද්ගලයන් 12 දෙනෙකු බඳවා ගෙන ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More