දේශීය පුවත්

අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යය තනතුර අතහැර නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමීමට සූදානමක් ඇතැයි අන්තර්ජාල පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරයි. පසුගියදා නාමල් රාජපක්ෂ මහතාට තවත් අමාත්‍යය දූරයක් පිරිනැමීමට කටයුතු කර ඇත්තේ ඒ අනුව බවද එම පුවත් වෙබ් අඩවි අවධාරණය කර සිටී.

නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යය තනතුරේ පිහිටවන්නේ නම් ඔහුට පොදු ජන එක්සත් පෙරමුණේ වගකිවයුතු තනතුරක් පිරිනැමිය යුතු බවද සාකච්ඡා වෙමින් පවතින බවද එම වෙබ් අඩවි අවධාරණය කර සිටී. රාජපක්ෂ පවුලේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් අතර තුරදී මෙම තීන්දුව ගත් බව පැවසෙන අතර මෙම සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ මහතාද සහභාගි වී ඇති බව කියවේ.

කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුර අතහරින්නේ කවදාද නාමල් රාජපක්ෂ මහතාට එම තනතුර පවරන්නේ කවදාද යන කාරණා සම්බන්ධව නිෂ්චිත තොරතුරු වාර්තා නොවේ.

කෙසේ වුවද පොදු ජන එක්සත් පෙරමුණට හිතවත් සමාජ මාධ්‍යය ක්‍රියාකරුවන් අතර සිටින බැසිල් හිතවාදී සමාජ මාධ්‍යය ක්‍රියාකරුවන් නාමල් රාජපක්ෂ මහතා ඊළඟ අගමැතිවරයා ලෙස පත් වීම සම්බන්ධයෙන් එතරම් කැමැත්තක් නොමැති බව ප්‍රකාශ වන බව සමාජ මාධ්‍යය සම්බන්ධව අධ්‍යයන කරන කණ්ඩායමක සාමාජිකයෙකු අප හා පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More