ජනාධිපති කාර්යාලයේ සහ රජයේ තවත් වෙබ් අඩවි රැසකට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අසත්‍ය තොරතුරු පළ කළ බව කියන පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති ආයතනයක සභාපතිවරයා ලෙස කටයුතු කරන රජීව් මැතිව් යසිරු කුරුවිටගේ නමැති අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට සැකකරු විසින් අන්තර්ජාලය හරහා අසත්‍ය නිවේදනයක් නිකුත් කර ඇති අතර ඒ හරහා සිදුකළ විමර්ශනය කර ඊයේ (07) සවස ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වන අතර සැකකරු අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සැකකරුට එරෙහිව පරිගණක අපරාධ පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.(අරුණ)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...