ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ආයාතනය යනු වෘත්තිකයන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරණ වෘත්තීය සංවිධානයකි. එම සංවිධානය දැනට ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තුළ වෘත්තීය මට්ටමින් කටයුතු කරණ කෘෂි විද්‍යාඥයන් ඇතුළු කෘෂි නිලධාරීන්ගෙන් සමන්විත ආයාතනයකි. එම සංවිධානය ජූනි 5 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් පවසා සිටින්නේ දියර පොහොර ලෙස හෝ ,ඝන ආකාරයේ පොහොර ලෙස හෝ ජෛව පොහොර ලෙස හෝ රට තුළට විදේශයන්ගෙන් පොහොර ආනයනය කිරීම කිසි ලෙසකින්වත් අනුමත නොකරණ බවයි. එහිදී එම සංවිධානය පෙන්වා දෙන්නේ විදේශයන්ගෙන් මෙවැනි පොහොර ගෙන්වීම මගින් පසට එකතුවන බැර ලෝහ මගින් මනුෂ්‍යය ජීවිතයේ පැවැත්මට මෙන්ම අනෙකුත් ජීවීන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් සිදුවන බවයි. එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර සමඟ ශ්‍රී ලංකාවේ පරිසරයට අනිවාර්යෙන්ම එකතු වන ක්ෂුද්‍ර ජීවීන් ශ්‍රී ලංකාවේ ජෛව පැවැත්මට භයානක තර්ජනයක් එල්ල කිරීමට නියමිත බවයි.
සම්පූර්ණ ලිපිය පහතින්…
001 Lette to HE P Organic Fertilizer Imports_final_2(4) -fnal for circulation SK
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...