මුස්ලිම් ජනතාවට රාජපක්ෂ පාලනයක් යටතේ කිසි දිනක බියකින් ජීවත් වීමට ඉඩක් නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
බේරුවල පැවති ඉස්ලාම් ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉස්ලාම් බැතිමතුන් නව සඳ බැලීමෙන් අනතුරුව සංවිධාන කරනු ලබන රාමසාන් සැමරුම් උත්සවයක් ඊයේ(27) බේරුවලදි පැවැත් විය.
‘මිල්ෆර් කෆූර්’ පදනම සංවිධාන කළ මෙම රාමසාන් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.
මේ රටේ ජීවත් වන සෑම දෙනාටම ගෞරවනීය ලෙස ජිවත් වීමට ඉඩ සකස් කිරීම තම ප්‍රතිපත්තිය වන බව ද කියා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, සිංහල මුස්ලිම් හා දෙමළ සියලු දෙනාට ආරක්ෂා සහිතව තම ජීවිතය ගෙන යෑමට අවශ්‍ය ආරක්ෂාව රට තුළ ගොඩ නගන බව ද පැවසීය.
කෙසේ වෙතත් එදා බිහි කළ එම තත්ත්වය අද වන විට අවාසනාවකට නොමැති වුවත් ඉදිරියේ දී නැවත අවස්ථාවක් හිමි වන්නේ නම් ආරක්ෂාකාරී හා සංවර්ධිත රටක් ඇති කිරිමට කැපවෙන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...