ලංකා ලීඩ් වෙබ් අඩවිය ඊයේ අනාවරණය කළ ඉන්දියාවෙන් ආනයනය කළ නාගරික කැලි කසල යොදා ගනිමින් නිපදවන ලදැයි සැක කෙරෙන “කාබනික” පොහොර තොගය ආනයනය කර ඇත්තේ 333/1, ඕල්ඩ් මුවර් ස්ට්‍රීට්(ගල් වල පාර ), කොළඹ 12 ලිපිනයේ ව්‍යාපාරික ලිපිනයක් සහිතව පවත්වාගෙන යකඩ වෙළෙන්ඳෙකු විසිනැයි කරුණු වාර්තා වේ.
මෙම ස්ථානය දීර්ඝ කලෙක සිට ව්‍යාපාර කටයුතු ලෙස පවත්වාගෙන ගොස් ඇත්තේ යකඩ වෙළෙඳාම පමණක් බවද එම ආරංචි මාර්ග පවසා සිටී. ආනයනය පාලකවරයා මෙම කසල පොහොර තොගය ගෙන්වීමට අවසර දී ඇති අතර ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙම පොහොර තොගය නිදහස් කරණ ලෙස බලපෑම් කරමින් සිටින බවද ඊයේ අප විසින් වාර්තා කළෙමු.
මෙම කසල පොහොර තොගය නිදහස් කිරීමට නම් කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ ශාක නිරෝධායන දෙපාර්තමේන්තුවේ බලධාරියාගේ අවසරය ලැබිය යුතු අතර එම අවසරය මෙතෙක් ලැබී නැති බවද වාර්තාවේ. මේ අතර වරාය ආරංචි මාර්ග පවසන්නේ අදාල පොහොර තොගය අඩංගු කන්ටෙනර් වල තිබෙන පොහොර මලු වල අඩංගු දෑ පිළිබඳව සිංහල භාෂාවෙන් මුද්‍රණය කර ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...