දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන සඳහා එක්වෙමින් පරිවර්තනීය වෙනසකට දායක වන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෝලීය ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉන්වෙස්ට් ෆෝරම් 2021 ආයෝජන සමුළුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ එක්ව සංවිධානය කරයි.

රටවල් 65ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර, එය ලබන 09 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වෙනු ඇත.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,

“දැනට අප ළඟා කරගෙන සිටින ආර්ථික වර්ධනය දෙගුණ කරගනිමින් 2030 වර්ෂය වනවිට අපගේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 8,000 ක් දක්වා වර්ධනය කරගැනීමේ ඉලක්ක සහගත සැලැස්මක් මගේ රජයට තිබෙනවා. අප නිලධාරීවාදයේ අනවශ්‍ය බාධාවන් ඉවත් කළා. ක්‍රමවේද ශක්තිමත් කරමින් ව්‍යාපාර කටයුතු පහසු කරන්න පියවර ගත්තා. දෙස් විදෙස් ආයෝජකයන්ට වටිනා ප්‍රතිලාභ ළඟා කරගත හැකි ව්‍යාපාර ක්ෂේත්‍ර අවස්ථා රැසක් ශ්‍රී ලංකාව සතුව පවතිනවා. අපගේ දැක්ම, වේගවත් දියුණුවක් අත්පත් කරගනිමින් සිටින අප කලාපයේ ප්‍රමුඛ සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට කොළඹ වරාය නගරය පත්කිරීමයි. ඒ සඳහා ඉඩ සලසන නීති සම්පාදන කටයුතු අප දැනටමත් සිදුකර අවසන්. එහි ව්‍යාපාර කටයුතු සඳහා වන විශේෂ දිරිදීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මෙහි ආයෝජනය කරමින් මෙම වටිනා අවස්ථාවෙන් උපරිම පළ නෙලා ගැනීමට අප සියලු රටවල ව්‍යාපාර නායකයන්ව දිරි ගන්වනවා. එම කටයුතු පහසුකරන නීතිමය කටයුතු අපි සිදු කරනවා. මම ඔබට ඇරයුම් කරනවා ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මේ පරිවර්තනීය ගමනට අපත් එක්ක එක්වෙන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More