දේශීය පුවත්

2021 ජුනි මස 8 වන අඟහරුවාදා එක්සත් රාජධානියේ වේලාවෙන් පැය 0400 සිට බලපැවැත්වෙන පරිදි එක්සත් රාජධානියට ඇතුළු වන රටවලට අදාළ “රතු ලැයිස්තුවට” ශ්‍රී ලංකාව ඇතුලත් කර ඇති බව එක්සත් රාජධනි රජය පවසා සිටී.

ඒ් අනුව ජුනි මස 08 වනදා සිට ශ්‍රී ලාංකිකයින්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්‍රිතාන්‍ය පුරවැසියන් , අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම් ඇති අයට පමණක් අවසර හිමිවේ.

කෙසේ වුවද ශ්‍රි ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරන්නේ ජුනි 05, 06, 07 යන දිනවල ලන්ඩන් සිට ක්‍රියාත්මක වන ගුවන් ගමන් වාර තුන සඳහා දැනටමත් ගුවන් ගමන් වෙන්කරවා ඇති මගීන්ට එක්සත් රාජධානිය පනවා ඇති තහනම බලනොපානු ඇති බවයි..

තවද ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසා සිටින්නේ ගමන් කිරීමට අවසර හිමි වන මගීන් අනිවාර්යයෙන්ම; ඔවුන්ගේ ගමනට දින තුනකට පෙර හෙවත් පැය 72 කට පෙර කොවිඩ්-19 වෛරසය වැළඳි ඇති දැයි බැලීමට පීසීආර් පරීක්‍ෂණයක් කර වෛරසය වැළඳී නැති බවට තහවුරු කර ගත යුතුය.

එසේම ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර දින 14 ක කාලයක නිරෝධායන සඳහා හෝටලයක් වෙන්කරවා ගත යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More