කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (07) පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබේ. මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා පැවැත්වීමට නියමිතව ඇති බව කියවේ.
ඒ අනුව හෙට (08) දිනයේ පාර්ලිමේන්තුව කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරණු ඇති බව වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කරන්නේ මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ද සහභාගී වීමට නියමිත බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...