එළැඹෙන පළාත් සභා මැතිවරණයේ දී නිසැක වශයෙන්ම පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කරන එක්සත් ජනතා නිදහස් සංධාන පළාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කෙරිණ.
නෙ`ඵම් මාවත කාර්යාලයේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පළාත් සභා මන්ත‍්‍රී සංසදය රැස්විය.
බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී සහන් ප‍්‍රදීප් මහතා විසින් මෙහිදී යෝජනා කර සිටියේ එළැඹෙන පළාත් සභා මැතිවරණයට මෙම මන්ත‍්‍රී කණ්ඩායම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ යුතු බවයි. සභාවේ සිටි සියලූ මන්ත‍්‍රීවරුන් අත් ඔසවා ඊට කැමැත්ත පල කිරීමත් සම`ග පොහොට්ටුවෙන් තරග කිරීමේ යෝජනාව ඒකමතිකව සම්මත විය.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන මන්ත‍්‍රීවරු අතරින් අතිබහුතරය නියෝජනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ කදවුරයි. ප‍්‍රතිශතයක් වශයෙන් එම මන්ත‍්‍රී පිරිස සංධානයේ සමස්ත මන්ත‍්‍රී කණ්ඩායමෙන් 85% කි.
ආණ්ඩුව විසින් දිගින් දිගටම කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණ දිනා ගැනීම සදහා සටන් කළ යුතු බව බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සදහන් කළේය. සබරගමුව, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී මේවන විට වසරකට ආසන්න කාලයක් ගතවී තිබේ. වයඹ, උතුර සහ මධ්‍යම පළාත් සභාවල නිල කාලයද එළැඹෙන ඔක්තෝබර් මාසයෙදී අවසන් වීමට නියමිතව තිබේ.
ඉදිරියේදී පැවැත්වෙන සියළළු පළාත් සභා මැතිවරණ පොහොට්ටුව ලකුණින් තරග වැදිම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක පත් කිරීමත් එහිදී පක්‍ෂය ගොඩ නැගීම සදහා වෙහෙස මහන්සියෙන් කැප වී කටයුතු කල පළාත් සභා මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රමුඛස්ථානය දීමටත් ඉදිරි පළාත් සභා මැතිවරණය වලදී මහ ඇමති ධුරයන් සදහා දැනට පළාත් සභාවන් නියෝජනය කරමන් පොදුජන පෙරමුණ වෙනුවෙන් කටයුතු කරන පුද්ලයන් පත් කිරීමත් යන යෝජනා තුන ඒකමතිකව සම්මත වී ඇත.
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ පසුලිය පළාත් පාලන මැතිවරණයේදී ලද විජයග‍්‍රහණයද සමගින් පාර්ලිමේන්තුවෙන් කිසිවෙකු ඉල්ලා අස්වී පළාත් මහ ඇමති ධුර සදහා තරග වැදීමේ කිසිදු උවමනාවක් නැති බවත් දැනට පලාත් සභා නියෝජනය කරන පිරිස් අතරේම ඊට සුදුස්සන් සිටින බවටත් එහිදී අදහස් පලව ඇත.
පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න මහතා, උතුරු මැද හිටපු ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, සබරගමු පළාත් සභාවේ හිටපු ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ ඞී.බී. හේරත්, සන්ද්‍යා රාජපක්ෂ ඇතුලූ හිටපු පළාත් අමාත්‍යවරුන්ද ඇතුලූ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.
– SLPP media
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...