රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මූලිකත්වයෙන්, ශ්‍රී ලංකා ව්‍යාපාරික හා වෘත්තිකයන්ගේ සංගමයේ අනුග්‍රාහක දායකත්වයෙන් හා රුසියාවේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සහයෝගයෙන් උතුම් වෙසක් පුන් පොහෝදින සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කරන ලදී.
2021 මැයි 26 දින තානාපති කාර්යාලයේ තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් බෞද්ධ චාරිත්‍ර පැවැත්වීමෙන් සැමරුම් ඇරඹිණි. මැයි 27 වන දින මොස්කව්හි අංක 1250 දරණ පාසලෙහි රුසියානු සිසුන් සඳහා වෙසක් පහන් කූඩු නිර්මාණය කිරීමේ වැඩමුළුවක් පැවැත්වූ අතර ශ්‍රී ලංකාවේ සංස්කෘතික වටිනාකම් සහ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද පැවැත්වීය.
2021 මැයි 29 වන දින, බුදුරජාණන් වහන්සේගේ උතුමි තෙමඟුල මෙන්ම, සහභාගී වූ සියළු දෙනාගේ මෑතකදී මියගිය ආදරණීයයන් සිහිකරනු පිණිස ධර්ම වැඩසටහනක් සහ දානමය පිනකමක් රුසියාවේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හා වෘත්තීය සංගමය විසින් මොස්කව්හි මියන්මාර පන්සලේදී තානාපති කාර්යාලය සමඟ එක්ව සංවිධානය කරන ලදී.
සැමරුම් උත්සවය අවසන් වූයේ එදිනම සවස තානාපති කාර්යාල පරිශ්‍රයේ පැවති ධර්ම වැඩසටහන, වෙසක් කූඩු ප්‍රදර්ශනය සහ දන්සැල වැඩසටහන මෙන්ම පොත් පිරිනැමීම ඇතුලත්ව වෙසක් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයෙනි.
මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයින්, මොස්කව් විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික සිසුන්, කාම්බෝජ බෞද්ධ ප්‍රජාවේ නියෝජිතයින්, රුසියානු අමුත්තන් සහ තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ඇතුළු 80ක පමණ පිරිසක් සහභාගී විය.
මෙම උත්සව අවස්තාවන් සදහා රුසියානු පෙඩරේෂනයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්‍ය් එම්.ඩී ලමාවංශ , රුසියාවේ ශ්‍රී ලංකා වෙළද හා වෘතිකයන්ගේ සංගමයේ සභාපති ආචාර්‍ය් ජගත් චන්ද්‍රවංශ , එම සංගමයේ මහ ලේකම් සමන් ජයමහ , රුසියානු බෞද්ධයන් නියෝජනය කරමින් අර්තුර් ලිපොව් සහ රීල් සොතේරාත්ද රුසියාවේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් විශාල පිරිසක්ද තානාපති කාර්‍යාලයේ සහ රුසියාවේ පදිංචි ලාංකික පවුල් වල සාමාජිකයන් විශාල පිරිසකුත් මෙම වැඩසටහන් වලට සහභාගී විය .






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...