කොවිඩ් රෝගින් දෛනිකව වැඩිවීමත් සමග රෝග පාලනය කිරීම සදහා පනවා ඇති සංචරණ සීමා තවත් සතියකින් දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය ලිපියක් මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇත
ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය පවසා සිටින්නේ සංචරණ සීම පැනවීම තුලින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති අතර දැනට පවතින තත්වය තුලින් යම්තාක් දුරට රෝගය පාලනය වී ඇති අතර දැනට පවතින තත්වය තුල නැවත රට විවෘත කලහොත් දැඩි සෞඛ්‍ය අවදානමක් මතුවන අතර එමගින් සෞඛ්‍ය පද්ධතිය බිදවැටීමට ලක්වන බවයි.
දැනට පනවා ඇති සංචරණ් සීමාව ලබන 14 වන සදුදායින් අවසන් වීමට නියමිත අතර ශ්‍රී ලංකා වෛද්‍යය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනුයේ පනවා ඇති සංචරණ සීමා කාල සීමාව තවත් සතියකින් දීර්ඝ කරන ලෙසටය.
කෙසේ වෙතත් පවතින තත්වය පරීක්ශනය කර ලබන සිකුරාද (11වෙනිදා) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතින කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදි අවසන් තීරණයක් ගන්නා බව ජනාධිපති කාර්යාලය සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...