ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16 කල්ලිය පිළිබඳව දැඩි සැකයක් පවතින බවත් ඔවුන්ගේ සැඟවුණු අරමුණු පිළිබඳව විමසිල්ලෙන් සිටිය යුතු කාලය එළඹි ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රමේෂ් පතිරණ පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසා ඇත්තේ අරගල කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග රැදි සිටි කණ්ඩායමටත් වඩා ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඔවුන් හිමිකරගෙන ඇති බවයි.
“මැතිවරණ සමය තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමාවත්, බැසිල් රාජපක්ෂ මැතිතුමාවත් දැඩි ලෙස විවේචනය කරපු මේ කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද කියලා සැකයක් තියනවා. හැබැයි ඕන කෙනෙක් එක්ක එකතු වෙලා ආණ්ඩුව පරාජය කරන්න ඕන කියලා දැඩි මතයක අපි ඉන්නවා. දැන් ඔවුන් අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා නම් කිරීම දක්වා දුර දිග ගිහිල්ලා තියනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියන අයිතිය. අරගල කරපු අපිට තියන අයිතිය මේ ඊයේ පෙරේදා ආණ්ඩුවෙන් එළියට බැහැපු මේ ගොල්ලෝ පාවිච්චි කරන්නේ කොහොමද කියන ජුගුප්සාජනක සැකය අපිට තියනවා. ඉතින් අපි සෑම කෙනෙක්ම විමිසිලිමත් වෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ අරමුණ හදුනා ගෙන විමසිල්ලෙන් සිටිම අවශ්‍යයි ඔවුන් සමග දේශපාලනය කරන විට.”
අමාත්‍යවරුන් දෙදෙනෙකු හෙට (27) රුසියාව බලා පිටත්ව යාමට නියමිත අතර එම සංචාරයේදී ඉන්ධන ආනයනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ...
වත්මන් ආර්ථික අර්බුදයට කොතරම් සාධනීය විසඳුම් යෝජනා පෙන්වා දුන්නද ඇමෙරිකාව සහ ඉන්දියාව තරහ වේයැයි බියෙන් ඒවා පිළිනොගන්නා ජනපති – අගමැති ප්...
සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසා සිටින්න්නේ ශ්‍රී ලංකාවට තවත් ඉන්ධන ණය පහසුකම් දෙනවා වෙනුවට ඉන්දියාව සමග එකග ව...