දේශීය පුවත්

ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කාබනික පොහොර ආනයනය කිරීමට රජය ගෙන ඇති තීන්දුව සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කර සිටියේ ” අදවනවිට රට පුරාම ආනයනික ජෛව හා කාබනික පොහොර නිසාවෙන් ඇතිවන අයහපත් ජෛව විවිධත්ව බලපෑම් පිලිබඳව කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රාමාණික විද්වතුන් ඇතුලු ජාතික සංවිධාන විසින් පුලුල් කතිකාවතක් ගොඩනගමින් තිබෙනවා. නමුදු ඒ කිසිවක් පිලිබඳව අවධානය යොමු නොකරමින් රජය ජෛව හා කාබනික පොහොර ආනයනය කිරීමට අර අදිමින් සිටින අතර එකි ආනයනය කිරීමට සැරසෙන කාබනික පොහොර යැයි හදුන්වාදෙන පාංශු මූලද්‍රව්‍ය කිසිසේත්ම භාවිතයට නුසුදුසු විවිධාකාරයේ රසායනික ද්‍රව්‍ය අඩංගු මිනිස් අසූචි බව අප වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම චීනය වැනි රටවල මෙම මහා පරිමාණ අසූචි විවිධ රසායනික තත්වයන් යටතේ සකස්කර ඉවත්කරනු ලබන අතර ඒවා තුල බොහෝ විෂ රසායන ද්‍රව්‍යය අඩංගු වෙනවා. වැසිකිලි පිරිසිදුකාරක රසායනික ද්‍රව්‍ය උග්‍ර විෂ සහිත වන අතර ගෘහස්ථව මේවා බොහෝසෙයින් යොදන අතර විවිධාකාරයේ විෂ සහිත ගෘහස්ථ අපද්‍රව්‍ය මිනිස් මළමූත්‍ර වල අඩංගු සේම ඒවා ඝණ අපද්‍රව්‍ය බවට පත් කිරිමේදීද යොදන රසායනික ද්‍රව්‍යයන්ද උග්‍ර වසවිෂ සහිත ඒවා බව අවධාරණයෙන් කියනවා. එවැනි තත්වයන් යටතේ මෙකී ඝණ අපද්‍රව්‍ය ලෙස සැකසු අසූචී කිසිසේත්ම කාබනික පොහොර නොවන අතර ඒවා කාබනික පොහොර සේ සලකා මෙරට ගොවි ජනතාව ඇතුලු සමස්ථ පුරවැසියන්ම රවටා පිටරැටියන්ගේ අසූචි වලට පොහොර සහනාධාරය ලබාදීම පිලිබඳව ජාතික ගොවිජන එකමුතුව ලෙස අප තරයේ විරුද්ධ වන අතරම මෙකී ජාවරමට එරෙහිව නීතිමය කටයුතු කිරිමට ඉදිරියේදී කටයුතු කිරිමට අපි සූදානම්” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More