දේශීය පුවත්

ඊයේ(04) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ,දීප ව්‍යාප්ත මට්ටමින් පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය අධ්‍යාපනය ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනට පත්කොට තිබෙන විශේෂඥයින්ගේ කමිටු නිර්දේශ ලබාගැනීමෙන් අනතුරු ව නියමු ව්‍යාපෘතියක් ලෙස එවැනි පාසල් පළාත් මට්ටමින් ආරම්භ කිරීමටත් එහි සාර්ථකත්වය මත දිවයින පුරා එම පහසුකම සිසු දරු දැරියන්ට සපයා දීමටත් අදහස් කරන බව  පැවසී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “මේ වනවිට ලොව පුරා ම සීඝ්‍රයෙන් පැතිරීගෙන යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ද බලපෑම් එලලවී තිබෙනවා. ඒ අනුව තම දරුවන් ජාත්‍යන්තර පාසල්වලට යවන දෙමාපියන්ගෙන් දිගින් දිගට ම ඉල්ලීම් ගලාගෙන එනවා මතුව තිබෙන ආර්ථික ගැටලු මත පාසල්වල මාසික ගාස්තු ගෙවාගැනීමට අපහසු නිසා රාජ්‍ය පාසල් පද්ධතියට එම දරුවන් ඇතුළත්කර ගැනීමට අවස්ථාව ලබා දෙන්නට කියා. මෙහිදී මතුවන ගැටලුව තමයි ඒ දරුවන් ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ම උසස් පෙළ දක්වා හදාරනු ලබන්නේ ඉංග්‍රිසි මාධ්‍යයෙන්. නමුත් රජයේ පාසල්වල ඉංග්‍රිසි මාධ්‍ය පාසල් තිබෙන්නේ ඉතා ම සුළු ප්‍රමාණයක්. ඒවායිනුත් ‘හර’ විෂයයන් පමණයි උගන්වන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙයට ස්ථිරසාර විසඳුමක් ලබාදිය යුතු බව. ඒ අනුව අධ්‍යාපන විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා මෙම ගැටලුව විසඳීම සම්බන්ධ ව නිර්දේශ ඉදිරිපත් කිරීමට. ඒ අනුව කොළඹ ආශ්‍රිත කරගෙන මෙන් ම සෑම පළාතක ම එවැනි පාසලක් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් දිවයිනේ සෑම ප්‍රදේශයකට ම එවැනි ඉංග්‍රිසි මාධ්‍ය පාසල් ලබා දිමට කටයුතු කරන්නට පුළුවන් වේවි.ජාතික පාසල් 1,000 වැඩසටහන, ත්‍රෛභාෂා පාසල් වැඩසටහනට සමගාමී ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබේවි.” යනුවෙන් පවසා සිටියේය.

වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 35% සිට 60 දක්වා වර්ධනය කිරිමටත්  කලා අංශයෙන් උසස් පෙළ හදාරණ සිසුන් ගණන 25% දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ අධ්‍යාපන ලේකම් වරයා නුගේගොඩ විජයරාම විද්‍යාලය සහ දේවි බාලිකා විද්‍යාලය ඒකාබද්ධ ව සිදුකරන්නට නියමිත ව තිබූ ව්‍යාපෘතිය අහෝසි කර නුගේගොඩ විජයාරාම විද්‍යාලය ඉංග්‍රිසි මාධ්‍ය පාසලක් බවට පත් කරන බවත් අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More