ඊයේ (04) පස්වරුවේ ඉතාලියේ රෝම නගරයේ පැවති ලෝක ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 48 වන සමුළුවේ කෘෂි පරිසර විද්‍යාව පිළිබඳ සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කාබනික ගොවිතැන ශක්තිමත් කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙලට සෙසු රටවල, බහුජාතික සමාගම්වල සහ අයෝජකයින්ගේ සහාය අපේක්ෂා කරන බව පවසා සිටියේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා,
“මේ වසරේ අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා රජය රසායනික පොහොර, කෘමිනාශක ද්‍රව්‍ය සහ වල්නාශක තහනම් කළා. රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය හේතුවෙන් අපේ රටේ ගොවීන් බෝ නොවන රෝගවලට ගොදුරු වී සිටිනවා. ඔවුන් දිගුකලක සිට නිදන්ගත රෝගවලින් පෙළෙන බව හඳුනාගෙන තිබෙනවා. අතිරික්ත පොහොර පොළොව දූෂණය කර භූගත ජලයට එකතු වී තිබෙනවා. ඉන් පස නිසරු වී ජලය දූෂණයට ලක්වුණා. ශ්‍රී ලංකා රජය අපේ රටේ ගොවීන්ට හා කෘෂිකර්මාන්තයට සහාය දෙනවා. කාබනික ගොවිතැනට මුල්තැන දීමෙන් කෘෂි පාරිසරික සංක්‍රාන්තියක් සිදුවෙයි. මේ යාන්ත්‍රණයට සහාය ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය ගොවීන්ට සහනාධාර මෙන්ම වී ලබාදීමට කටයුතු කරනවා. ඒවාගේම ගොවීන්ට සහනයක් ලබාදෙමින් වීවලට සහතික මිලක් ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා අපේ රටේ කාබනික ගොවිතැන සඳහා දේශීය ධාරිතාව ශක්තිමත් කිරීමට සෙසු රටවල, බහුජාතික සමාගම්වල, තාක්ෂණික විද්‍යාඥයින්ගේ මෙන්ම අයෝජකයින්ගේද සහයෝගය අපේක්ෂා කරනවා.” යනුවෙන් පැවසුවෙය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...