සෞඛ්‍ය අංශ විසින් රජයට පෙන්වා දී ඇත්තේ දැනට රෝගීන් වාර්තා වීමේ සීඝ්‍රතාවය දිගටම පැවතුනහොත් ඉදිරි සති කිහිපය රට දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි.
ඒ අනුව තත්වය දිගටම පැවතුනහොත් ඉදිරි සති කිහිපය තුළ දිනකට රෝගීන් 25,000-30,000 රෝගීන් පිරිසකට ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශවලට සිදුවනු ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
තවද මෙසේ පැතිරි යන ප්‍රභේදය ඉතා ඉක්මනින් බෝවන ප්‍රභේදයක් බවත් එනිසා බොහෝ දෙනෙකු අසාධ්‍ය තත්ත්වයට පත් වී ඔක්සිජන් මත රඳා පවතින තත්ත්වයක් උද්ගත වනු ඇති බවත් සෞඛ්‍යය අංශ පෙන්වා දෙති.
ඒ අනුව මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළ හැකි අධි සත්කාර ඒකක පළාත් මට්ටමින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එක ඒකකයක රෝගීන් 100 දෙනෙකුට ප්‍රතිකාර කිරීමේ පහසුකම් සකස් කිරීමටද නියමිතව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...