දේශීය පුවත්

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරස ආසාදනය ආරම්භ වන්නේ 2020 මාර්තු මාසයේය. එය 2021 අප්‍රේල් 14 වනදා දක්වා පැවතුණු අතර එම කාලය කොවිඩ් ආසාදනයේ පළමු හා දෙවන කොවිඩ් වෛරස ආසාදන රැළි ලෙස වසංගත රෝග විශෙෂඥයන් හඳුන්වති.එම කාලය තුළ වාර්තා වූ සමස්ත මරණ ගණන 604කි.

පළමු ආසාදිතයා වාර්තා වූ 2020 මාර්තු මස සිට 2021 අප්‍රේල් මස 14 වනදා දක්වා පළමු හා දෙවන කොවිඩ් වෛරස ආසාදිත රැලිවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 95,737කි.

ශ්‍රී ලංකාවේ තුන්වෙනි කොවිඩ් වෛරස ආසාදිත රැල්ල ආරම්භ වන්නේ 2021 අප්‍රේල් 15 වැනිදා වන අතර එම කොවිඩ් වෛරස ආසාදිත තුන්වන රැල්ලෙන් පමණක් ආසාදිතයින් 100,107 ක් මේ වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව තුන්වන කොවිඩ් වෛරස ආසාදිත රැල්ල තුළ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් 51.1% ක්ම දින 49ක් තුළ වාර්තාවී තිබේ.මෙම ප්‍රතිශතය ඉදිරියේදී තවත් වැඩිවීමට නියමිතය.ඊයේ(04) දිනය වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,608කි.

එහෙත් 2021 අප්‍රේල් 15 වැනිදායින් ආරම්භ වූ කොවිඩ් වෛරස ආසාදිත තුන්වන රැල්ලෙන් ඊයේ(4) වන විට පමණක් මරණ 1,004 ක් වාර්තා වී තිබේ.එනම් සමස්ත මරණ සංඛ්‍යාවෙන් සියයට 62.4 ක්ම වාර්තා වන්නේ තුන්වන රැල්ලෙනි. මෙම ප්‍රතිශතයන් දිනෙන් දින ඉහළ යාමට නියමිතය.

තවද කොවිඩ් වෛරස තුන්වන රැල්ලේ ඇති භයානක තත්වය වන්නේ සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් සෑම සිය දෙනෙකුගෙන් එක් අයකු මියගොස් තිබීමය. වසංගත රෝග විශේෂඥයන්ට අනුව එම ගණන තවත්  ඉහළ යා හැකියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More