දේශීය පුවත්

රජය විසින් සිංහල වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර මගින් අසාධිතයන්ට ප්‍රතිකාර කිරිමට හැකියාව තිබියදි එය නොසලකා හැරිම , පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීමෙන් ජනඝාතක බෝම්බ ප්‍රහාරයකට මග සෑදීම හා සමාන සාපරාධි නොසැලිකිලිමත් කටයුක්තකි.

මේ බව සදහන් කරන්නේ දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනාධිපති ගෝඨා්භය රාජපක්ෂ වෙන ලිපියක් යොමු කරමිනි.

 

ගෝඨාභය රාජපක්ෂ,

ගරු ජනාධිපති.

නිරෝධායන නීති යටතේ ආයුර්වේද සහ සිංහල වෛද්‍ය ප්‍රතිකර්ම මර්ධනය කිරීම.

ජනාධිපතිතුමනි,

මේ වන විට ශිඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ ආර්ඨ්කය සහ ජන ජීවිතය බරපතල අනතුරකට ලක්ව ඇති බව ප්‍රත්‍යක්ෂ කරුණකි. සංචරණ සීමාවන් දිගින් දිගටම පවත්වාගෙන යෑම ප්‍රායෝගික නොවන බවත් එයින් ආර්ඨ්කයට වන හානිය සුළුපටු නොවන බවත් අපි දනිමු.

මෙවැනි තත්වයක් තුල  රජය විසින් සිංහල වෙදකම සහ ආයුර්වේද ප්‍රතිකාර මගින් අසාධිතයන්ට ප්‍රතිකාර කිරිමට හැකියාව තිබියදි එය නොසලකා හැරිම , පාස්කු ප්‍රහාරයට පෙර බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීමෙන් ජනඝාතක බෝම්බ ප්‍රහාරයකට මග සෑදීම හා සමාන සාපරාධි නොසැලිකිලිමත් කටයුක්තකි.

දේශිය වෛද්‍ය ක්‍රමය පිළිබඳව උනන්දුවක් දක්වන භික්ෂුන් වහන්සේලා, වෛද්‍යවරුන් සහ විද්වතුන් අවස්තා කිහිපයකදීම අග්‍රාමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යවරිය සහ දේශීය වෛද්‍ය කටයුතු අමාත්‍යවරයා මුණ ගැසි මේ පිළිබඳව දැනුවත් කල ද ඔබගේ රජය මේ කරුණ සම්භන්ධයෙන් දක්වන ඇල්මැරුණු මන්දගාමි ප්‍රතිචාරය පිළිබඳව අපි බලවත් ලෙස කනස්සල්ල ප්‍රකාශ කරමු.  විශේෂයෙන්ම  බටහිර වෛද්‍ය ක්‍රමය තුල රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් සොයා නොගෙන තිබෙන තත්වයක් තුල, නිරෝධායන කඳවුරු තුල විටමීන් “සී” සහ පැරසිටමෝල් ලබා දීමට එහා ගිය ප්‍රතිකාරයක් නොතිබියදි රජයේ මේ නිද්‍රාශීලි පිළිවෙත උවමනාවෙන් රට ආර්ඨ්ක අර්බුදයකට ලක් කිරිමක් වන බව අපේ හැඟීමයි.

සිංහල සහ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීමට අවසර ලබා දීම සහ එම රෝහල් අතර මැදි ප්‍රතිකාර මධ්‍යස්ඨ්න ලෙස නම් කිරිම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට මාර්ගෝපදේශයක් මගින් කල හැකිව තිබියදි එය රොකට් තාක්ෂණය හා සමාන සංකීර්ණ ක්‍රියාවලියක් බවට මවා පෙන්වීම පැහැදිලිවම රජය විසින් ජනතාව නොමග යැවීමකී.

බ්‍රිතාන්‍යයන් විසින් පනවන ලද 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥා පණතේ 02 වන වගන්තිය ප්‍රකාරව අමාත්‍යවරයාට පැවරි ඇති බලතල ප්‍රකාරව 2020 මාර්තු 25 දින සහ අංක 2168/6  දරණ විශේෂ ගැසට් පත්‍රය මගින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නිරෝධායන බලධාරියා වශයෙන් පත් කර ඇත.  නිරෝධායන සහ රෝග වැලක්වීමේ ආඥා පණතේ (222 අධිකාරිය) රෙගුලාසි යටතේ 42 වන වගන්තිය යටතේ නිසි බලධාරියා විසින් ප්‍රතිකාර කරන රෝහල් සහ නිරික්ෂණ මධ්‍යස්තාන ප්‍රකාශයට පත් කල හැකිය.  ඒ අනුව 2020 නොවැම්බර් මස 06 වන දින සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් විසින් රජයේ බටහිර රෝහල් ආසාධිතයන් සඳහා ප්‍රතිකාර කරනු ලබන අතර මැදි රෝහල් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙම ප්‍රතිපාදන යටතේ නිසි බලධාරියාට ආයුර්වේද සහ සිංහල වෙදමහතුන් ගේ ප්‍රතිකාර මධ්‍යස්ඨන කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිකාර මධ්‍යස්තාන ලෙස පහසුවෙන් නම් කල හැකිය.

එම රෙගුලාසිවල 45 වන වගන්තිය අනුව වෛද්‍ය වෘත්තියකුට හෝ ප්‍රතිකාර දීමට සුදුසුකම් ලත් අයකුට ප්‍රතිකාර දීමට හැකියාව ඇති බව පැහැදිලි වේ.  1961 අංක 31 දරණ  ආයුර්වේද පණතේ අර්ඨ නිරුපණය අනුව ආයුර්වේද වෛද්‍යවරයකු හෝ දේශිය වෛද්‍යවරයකුද වෛද්‍ය වෘත්තිකයකු ලෙස පිළිගෙන ඇත. තවද මෙම පණතේ 83 වගන්තිය මගින් ආයුර්වේද ප්‍රතිකාර සහ ශෛල්‍යකර්ම සඳහා බටහිර වෛද්‍යවරුන් පාලනය වෛද්‍ය ආඥා පණත අදාල නොවන බව නිශ්චිතව දක්වා ඇත. ඒ අනුව ආයුර්වේද වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කිරිම පිළිබඳව නිර්ණායක පැනවීම, පාලනය  සහ අධික්ෂණය බටහිර වෛද්‍යවරුන් අතට පත් කිරිම නීති විරෝධි ක්‍රියාවකි.  කරුණු එසේ තිබියදි , බටහිර වෛද්‍ය ආඥා පනත අනුව එම ශික්ෂණයන් යටතේ පෝෂණය වු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයකු යටතට සමස්ත ජනතාවගේ සෞඛ්ය පිළිබඳව වගකීම පැවරීම සුදුසු නොවේ. දැනට බලාත්මක නිරෝධාන ආයතන ධූරාවලිය තුල ආයුර්වේද වෛද්‍ය කේෂේත්‍රයේ කිසිදු නියෝජනයක් නොමැත. මෙම අසාධාරණ තත්වය ඉවත් කිරිම සඳහා නිරෝධායන ධූරාවලිය වහාම සංශෝධනය කර ඒ තුලට ආයුර්වේද වෛද්‍යවරුන්ගේ නියෝජනය අන්තර්ග්‍රහණය කල යුතුය.

අවසන් වශයෙන් , ඔබ විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්මෙහි 25 වන පිටුවෙහි  “දේශිය සහ ආයුර්වේදය  වෛද්‍ය කේෂේත්‍රය” යන  කොටසට ඔබගේ අවධානය යොමු කරනු කැමැත්තෙමු. එහි සඳහන් වන අකාරයටම අපගේ සංස්තියේ ප්‍රබලතම සං‍රචකයක් වශයෙන් දේශිය හා ආයුර්වේද ප්‍රතිකර්ම ක්‍රම සඳහා රෝග වැලැක්වීමට ඇති හැකියාව නොතකා හැරිම ඔබට ලැබුණු ජනවරමට පිටු පෑමකි. එහි සඳහන් ආකාරයට දේශීය සහ ආයුර්වේද ක්‍රමයට ගෝලීය පිළිගැනීමක් ලබා දීමට පෙර රට තුල අවශ්‍ය නීතිමය පසුබිම සැකසීම ඔබ සතුවගකීමකි. මේ දේශිය සහ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සේවය වෙනදාටත් අවශ්‍ය මොහොත බව අවසන් වශයෙන් සිහිපත් කරමු.

 

නීතීඥ නුවන් බැල්ලන්තුඩාව                                               ඉන්ජිනේරු ප්‍රියන්ත දායරත්න

සභාපති                                                                                                         ලේකම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More