දේශීය පුවත්

24 වෙනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර් ජාතික සමුළුව පසුගිය 2වනදා රුසියාවේදී ආරම්භ වූ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක්ද මෙම සමුළුවට සහභාගී වී සිටී.

රුසියානු ජනපති ව්ලැදමීර් පුටින් ඇතුළු ලොවපුරා රටවල් 120ක පමණ රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ අන්තර්ජාතික සංවිධානවල ප්‍රධානීන් ඇතුලු 5000ක පමණ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ලබන මෙම ආර්ථික සමුළුවේ ප්‍රධාන තැනක් හිමි කර ගැනීමට ඇමෙරිකාවට සහ කටාරයට හැකි වී ඇති අතර කටාර් රාජ්‍යයේ ජනපති ශේක් ටමිම් බින් ආර්ථික සමුළුව අමතා කතා කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.
ගෝලීය ආර්ථික න්‍යාය පත්‍රය සාකච්ඡා කරන සහ නව ආර්ථික යෝජනා හා විසඳුම් ලබාදෙන ගෝලීය වේදිකාවක් බවට මෙම සමුළුව පත්ව ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේය.
ආර්ථික සමුළුව සඳහා රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සහ කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම් ද සහභාගී වී ඇති බවට වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More