දේශීය පුවත්

දිවයින පුරා ආයුර්වේද රෝහල් 50ක් අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩසටහන යටතේ මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල ඊයේ (03 දා* සිට අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප‍්‍රතිකාර සේවාවන් ආරම්භ කරනු ලැබේ.

මහරගම අපේක්ෂා රෝහලට සම්බන්ධ කර අධීක්ෂණ කටයුතු සිදු කරන මෙම ආයුර්වේද රෝහල ඇඳන් 100කින් යුක්ත වෙයි. පිරිමි 65දෙනකුට, ගැහැනු 35දෙනකුට සහ භික්ෂූන් වහන්සේලා දහනමකට ප‍්‍රතිකාර ලබාගත හැකි වාට්ටුවලින් යුක්තය. භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් වෙනම වාට්ටුවක් ස්ථාපිතය. දෛනිකව රෝගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා කොවිඞ් ප‍්‍රතිකාර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ පුහුණුවක් ලබාදුන් ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය යොදවා ඇත.

බටහිර වෛද්‍යවරුන් මහරගම අපේක්ෂා රෝහලෙන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත. මෙහි ප‍්‍රතිකාර ලබන රෝගීන්ට ඔක්සිජන් පහසුකම් ද සපයා දීමට කටයුතු යොදා ඇත. රෝහල නිරීක්ෂණය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සහ දේශීය වෙදකම් ප‍්‍රවර්ධන, ග‍්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප‍්‍රජා සෞඛ්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතා පෙරේදා (02දා* එහි ගියහ.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ඇමැතිවරිය, දිවයිනේ තිබෙන ආයුර්වේද රෝහල් කොවිඞ් අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදී ඇති උපදෙස් අනුව දිවයිනේ ආයුර්වේද රෝහල් 50ක් පමණ ඉදිරියේ දී කොවිඞ් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට එක් වෙන බව සඳහන් කළාය. ආයුර්වේදයේ සහ බටහිර වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ රෝගීන්ට මෙහි ප‍්‍රතිකාර කටයුතු සිදු කෙරෙන බවත් ආයුර්වේදයේ ඇති රෝගීන්ගේ ප‍්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ වගේම බටහිර වෛද්‍ය විද්‍යාව අනුව කොවිඞ් ප‍්‍රතිකාර සේවාවන් ද එකට එකතු කරගෙන ප‍්‍රතිකාර සේවා ලබාදෙන බවත් ඇමැතිවරිය පැවසුවාය.

කොවිඞ් රෝගීන් ලියාපදිංචියේ සිට සුවය ලබා රෝහලින් පිටව යන තෙක් රෝගීන්ගේ දත්ත මෙන්ම කොවිඞ් ප‍්‍රතිකාර සේවාවන් සඳහා වෙන් කෙරුණු ආයුර්වේද රෝහල් 50ක් එකට සම්බන්ධ කරමින් එම රෝහල්වල සියලූ තොරතුරු නව පරිගණක මෘදුකාංගයක් මගින් එකට සම්බන්ධ කර ඇත. එමගින් සෞඛ්‍ය සේවා සැපයීමේ දී විනිවිදභාවයකින් ගැටලූ අවම කර ගනිමින් ප‍්‍රතිකාර සේවාවන් ලබා දීමේ අවස්ථාව උදාව තිබේ. මෙම ආයුර්වේද රෝහල කොවිඞ් අතරමැදි ආයතනයක් ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමේ දී යුද හමුදාවේ 10 ශ‍්‍රී ලංකා ආරක්ෂක බලමුළුවෙන් ශ‍්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම අවස්ථාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් කුමාරි වීරසේකර, ආයුර්වේද කොමසාරිස් මේදාවි දිසානායක, ආයුර්වේද පර්යේෂණ රෝහලේ අධ්‍යක්ෂ ආචාර්ය සේනක පිලපිටිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්වර්ණා කළුතොට, අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්යභාර වෛද්‍ය නිලධාරී පී. හේවාගමගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා* වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More