ඊයෙ(03 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අමතමින් වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර ගෙවීමට අදාළ නෞකාව හිමි සමාගම එකඟ වී ඇති බව පවසා සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ,
“වන්දි මුදල් සම්බන්ධව නෞකාවේ අයිතිකරුවන්, එකඟ වෙලා තියෙනවා දැනට වෙලා තියෙන අලාභය ගණනය කර ගෙවීමට.ඒ වගේම රක්ෂණ සමාගම් සමගත් සාකච්ඡා කරලා තියෙනවා.” යනුවෙන් පැවසුවේය.
කෙසේ වුවද වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතාගේ ප්‍රකාශය සම්බන්ධව වෙළෙඳ නාවික ක්ෂේත්‍රයේ නිපුනයෙකු ලංකා ලීඩ් වෙත අදහස් දවමින් පවසා සිටියේ නැවේ ඇතිවූ ගින්න නිවා දමා සියල්ල පාලනය කිරීමෙන් හෝ පාලනය වන තෙක් බලා සිටීමෙන් පසුව හදිසියේ නැව ඇදගෙනයාමට ඉඩ ලබා දී ඇත්තේ නැව සහ කපිතාන්වරයා අත්අඩංගුවට ගැනීම වැලැක්වීම සඳහා බවය. එවැනි ක්‍රියාවලියක් සිදුවිය හැක්කේ රක්ෂණ සමාගම සමඟ ගනුදෙනු කළ බලවත් කොමිස් කාක්කෙකුගේ බලපෑම නිසා බවට කිසිදු සැකයක් නැති බවද ඔහු පවසා සිටියේය.
මීට පෙර ගිනිගත් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන්ද සිදුවූයේද ඒ ආකාරයටම නිසා අනාගතයේදී මෙවැනි දේ සිදු නොවීම සඳහා තීන්දු ගැනීමේ දාමයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්ණ කොට වැරදිකරුවන් සියළු දෙනාටම දඬුවම් කළයුතු බවද ඔහු අවධාරණය කළේය.
එම විද්වතා පවසා සිටියේ මීට පෙර ගිනිගත් නැව සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කරණ ආකාරයත් ගැඹුරින් විශ්ලේෂණය කළ විට පෙනී යන්නේ වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතාට ශ්‍රී ලංකා රජයට කළ දැවැන්ත මුල්‍යයමය පාඩුව සම්බන්ධයෙන් වන චෝදනාවෙන් ගැලවිය නොහැකි බවයි.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ජනාධිපති තුමා මෙම කාරණය සම්බන්ධයෙන් මීට වඩා සංවේදී නොවුනහොත් ශ්‍රී ලංකා මුහුදු තීරයේ මෙවැනි අණතුරු බොහෝ ගණනක් විවිධ කූට නාවික සමාගම් විසින් හිතාමතා කිරීමට ඉඩ ඇති බවය.
ඒ අනුව ඔහු පවසා සිටියේ වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා හිතා මතා බොරු කියනවාද යන සාධාරණ සැකය පැන නගින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...