රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි .
එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බව ඔහු කියයි .
සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදුණු බව කී මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බවද කීවේය .
සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු යැයි ද ඔහු සඳහන් කරයි .
රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා කියයි .
පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි යැයිද ඒ මහතා සඳහන් කළේය.
ලෑම්ප්(LAMP) තාක්ෂණය කොරෝනා ලක්ෂණ නොපෙන්වන අය සඳහා භාවිතා කළ හැකි අලුත්ම පරීක්ෂණ ක්‍රමවේදයක් බවත් මේ තාක්ෂණය මේ රටේ ක්‍රියාත්මක කිරීමට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති බවත් ඔහු පැවසීය .
අඩු වියදමකින් සහ අඩු කාලයකින් එම පරීක්ෂණ කළ හැකි බවද මහාචාර්යවරයා හෙළි කළේය .

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...