දේශීය පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ නිරිතදිග මෝසම සක්‍රීයව පැවතීම හේතුවෙන් අද (03) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි.

අද පෙරවරුවෙන් අවසන් වූ ගතවු පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රදේශයෙන් වු අතර එය මිලිමීටර් 215ක් ලෙස සටහන්ව තිබූ බව පැවසේ.

මේ අතර වාර්තාවූයේ කළුතර දිස්ත්‍රික්කයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කුකුලේ ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් පිටාර ගැලීමට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් බුලත්සිංහල – මෝල්කාව ප්‍රධාන මාර්ගය ස්ථාන තුනකින් ජලයෙන් යටවී ඇති බවත්ය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අවධාරණය කරන්නේ අත්තනගලු ඔය, කැලණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාව ගංවතුර තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනයක් කරමින් පවසා සිටින්නේ පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 06කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් අර ඇති බවය.

ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා එලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර දිස්ත්‍රික්ක වේ.
තවද ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ද අවදානම් නිවේදන නිකුත් කළ බව එම සංවිධානය සඳහන් කළේය.

මෙහිදි නායයෑම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව වෙත අවධාරණය කර සිටී.

පොළවේ ඇතිවන ඉරිතැලීම්, නිවෙස්වල ඇතිවන ඉරිතැලීම්, ආගන්තුක දිය උල්පත් ඇතිවීම් සහ සිඳීයෑම් පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කරන ලෙසද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ ජනතාවට අවශ්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා 117 ක්ෂණික දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More