රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි.නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්‍රව්‍ය වලින් නිපදවන ලද කාබනික පොහොර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිලිබද දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කරමි.
ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකු ලෙස එම කාබනික පොහොර සමග ශාක හෝ සතුන්ට හානි කර අප රටේ දැනට නොපවතින ව්‍යාධිජනක දිලීර සහ බැක්ටීරියා ආදිය ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව පෙන්වාදෙනු කැමැත්තෙමි. එසේම ශ්‍රී ලංකාවේ පවා නාගරික කැලිකසල වල බැර ලෝහ යම් ප්‍රමාණයක් අඩංගු වන අතර විදේශ රටවල (චීනය වැනි) ඊටත් වඩා බැර ලෝහ අඩංගු විය හැකි බවද සඳහන් කරමි.
රට තුළදීම රටට අවශ්‍ය කාබනික පොහොර නිපදවීම මගින් නව ව්‍යවසායකයින්ට රැකියා අවස්ථා නිර්මාණය වන අතර රටේ මුදල් පිටරටට ඇදී යාම වළකියි .කාබනික පොහොර විදේශීය රටවලින් ආනයනය කිරීමෙන් වන්නේ කිහිප දෙනෙකුට කොමිස් මුදලක් ලැබීම සහ අපේ මුදල් විශාල වශයෙන් පිටරටවල් වලට ඇදීයාම පමණකි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...