දේශීය පුවත්

මෙරට කොවිඩ්-19 වසංගත රෝගය සහ ඉන් ආරක්ෂා වීම, දැනට ලෝකෙය් වඩාත්ම අවධානයට ලක් වී ඇති කාරණාවයි. ඒ
යටෙත් ප්‍රතිශක්තිකරණ එන්නතට ලැබී ඇති අවධානය ඉතා ඉහලය. නමුත් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ ව
ලොවට ඇත්තේ අඩු දැනුමකි. එහෙත් එන්නත් නිපදවූ රටවල ජනතාවට එන්නත් ලබා දිමෙන් පසුව එම ජනතාව තුල
ඇතිවූ අතුරු ආබාධ පිළිබද සීමිත හෝ තොරතුරු ඇතත් ඒවා එලෙසටම ලාංකීය ජනතාවට ආදේශ කළ නො
හැක.

මන්ද ලෝකෙය් විවිධ රටවලට අදාළව එන්නත්වල අතුරු ආබාධ වල ස්වරූපය හා බලපෑම රටින් රටට වෙනස්
විය හැකි බැවිනි. බොහෝ රටවල් ක්ෂණික ක්‍රියාමාර්ග ලෙස ඒ පිළිබඳව පර්යේෂන කර එම දැනුම තම රටවල
ජනතාවෙග් සෞඛ්‍ය තත්ත්වය උපරිම අයුරින් ඉහළ නැංවීම සඳහා යොදාගනිමින් පවතී.

අප රට තුලද මෙය කාලින අවශ්‍යතාවයකි. මේ නිසා දේශිය හා ජාත්‍යන්තරව පිළිගත් විද්වතුන් කණ්ඩායමක් විසින්
කරනු ලබන මෙම සමීක්ෂණෙය් දත්ත විශ්ලේශනයෙන් හෙළිවන නවතම කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශය හා කොවිඩ්
19 වැළැක්වීෙම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමඟ බෙදා ගැනීමට අපි අපේක්ෂා කරන්නෙමු.

අප ආයතනය මෙරට  දේශිය පර්යේෂන සංස්කෘතිෙය් දියුණුව උෙදසා ක්‍රියා කරනු ලබන දේශිය සහ අන්තර් ජාතික
පර්යේෂන ජාලයකින් සන්නද්ධ ආයතනයකි. අපෙග් www.ird.lk ෙවබ් අඩවියට පිවිසීෙමන් ෙම් සම්බන්ධව
උනන්දුව දක්වන ඕනෑම ෙකෙනකුට එම ෙතොරතුරු ලබා ගත හැක.

මෙම වැදගත් පර්යේෂන සඳහා මෙරට කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් (ඇස්ට්‍රාෙසේනිකා, ස්යිෙනොෆාම් හෝ
ස්පුට්නික් V එන්නත් වලින් කුමන හෝ එන්නතක්) ලබා ගත් පුද්ගලයන්ගේ අත්දැකීම් කෙටි ප්‍රශ්නාවලියක් මගින්
අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා අතරමේ සඳහා ස්වේච්ඡාවෙන් සම්බන්ධ විය හැක.මෙම සමීක්ෂණෙය්
වැදගත්කම හා කාලීන අවශ්‍යතාවය හදුනා ගත් එම එන්නත ලබා ගත් පුද්ගලයන්ගේ සහෙයෝගය අවශ්‍ය ව ඇත.

ඔබගේ මතය විමසිම පහත සැබැදිය ඔස්සේ ලබාදිය හැක.

මහාචාර්ය අතුල සුමතිපාල
අධ්‍යක්ෂක, පර්ෙය්ෂණ හා සංවර්ධන ආයතනය
කමිටු සාමාජික, ෙකොවිඩ් 19 වැළැක්වීෙම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය
මෙනෝ චිකිත්සාව පිළිබඳ මහාචාර්ය, කීල් විශ්වවිද්‍යාලය, එංගලන්තය
ෙගෞරවනීය උපෙද්ශක මෙනෝචිකිත්සක, මිඩ්ලන්ඩ්ස් හවුල්කාරිත්වය එන්එච්එස් පදනම් භාරය.
ෙගෝලීය මානසික ෙසෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය, කිංග්ස් විද්‍යාලය, එංගලන්තය
සභාපති, ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර
මෙනෝ චිකිත්සාව හා ෛජව ෛවද්‍ය පර්ෙය්ෂණ පිළිබඳ මහාචාර්ය, ෙකොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

සිංහල

ඉංශ්‍රීසි

2021.06.01 – COVID-19 Vaccine Survey_AW_CJ_AS_LD (1)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More