රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් ස`දහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව 02 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සදහන් කළේය.
එහිදී ගුවන් යානා 18 කින් ගුවන් මගීන් 1,105 දෙනෙකු මෙම කාලසීමාව තුළ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි. එසේ පැමිණ සිටි ගුවන් මගීන් අතර සෞදි අරාබියේ රියාද් සිට 103 දෙනෙකු ද, කටාර් රාජ්‍යයේ දෝහා සිට 135 දෙනෙකු ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 116 දෙනෙකු ද සිටියහ. එමෙන්ම මෙම කාලසීමාව තුළ ශ‍්‍රී ලංකාවේ සංචාරය ස`දහා විදේශීය සංචාරකයන් 69 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ පැමිණ තිබුණි. මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලූම ගුවන් මගීන් දින 14 ක කාලයක් නිරෝධායනය ස`දහා යොමු කරන අතර ඒ අතරතුර මොවුන් පී.සී.ආර්.පරීක්ෂණ 02 කට ද සහභාගී විය යුතුය. එසේම මෙම කාලසීමාව තුළ ගුවන් මගීන් 963 දෙනෙකු, ගුවන් යානා 11 කින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබුණි. එමෙන්ම 01 දින උදෑසන 9.40 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 7378 දරන ගුවන් යානයෙන් මුහුදු නාවිකයන් 116 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...