දේශීය පුවත්

අනතුරට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිලියාමේ අවදානමක් මතුව තිබේ.

ඊයේ (01) දිනයේ සිට ජලය කාන්දුවීම හේතුවෙන් නෞකාව මේ වන විට සියයට 50ක ප්‍රමාණයක් මුහුදේ ගිලී ඇතැයි නාවික හමුදාව පවසයි.

කොළඹ වරාය ආසන්නයේ දී ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.

ඒ අනුව අදාළ ගැලවුම්කාර සමාගමට පහසුකම් සැලසීම සඳහා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද අද (02) පෙරවරුවේ නෞකාවට ඇතුළු වු බව නාවික හමුදාව පැවසුවේය.

ගැලවුම්කාර සමාගමේ ටග් යාත්‍රා මඟින් නෞකාව ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතු ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් නෞකාව ගිලෙමින් පැවතීම හේතුවෙන් මේ වන විට එය ගැඹුර මුහුදට රැගෙන යාමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් වු මුහුදේ නැංගුරම්ලා තිබු සිංගප්පුරුවේ ලියාපදිංචි “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ පසුගිය මස 20 වනදා එම ගින්න හටගෙන තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More