පුරවැසි කොලම

2019 වසර අවසානය වනවිටත් රුපියල් බිලියන 7ක් පමණ ශුද්ධ ලාබයක් සහ 75% ක් පමණ වෙළඳපොළ හිමිකාරිත්වයක් තිබූ ලිට්‍රෝ ගෑස් සමාගම තමා යටතට නතුකර ගැනීමට ලාෆ් ගෑස් සමාගමේ හිමිකාරිත්වය යහපාලන රජය සමයේ පටන් විවිධ හැඩතල ඔස්සේ ගැසූ උප්පරවැට්ටි වැලැක්වීමට ලිට්‍රෝ ගෑස් සමාගමේ වෘත්තීය සමිතිවලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

රාජ්‍ය නායකයා, අමාත්‍යවරුන්, ආයතන පාලකයින්, නිලධාරීන්, සේවකයන්, ගෑස් බෙදාහරින්නන්, අලෙවිකරුවන් කොතෙක් බිලී බාගැනීමට තැත්කලද සේවක වෘත්තීය සමිති විසින් අධිකරණයේ පවරන ලද නඩුවට අදාලව 2019 දෙසැම්බර් ලද නඩු තීන්දු ප්‍රකාරව මෙම අන්ත දූෂිත ගණුදෙනුව තාවකාලිකව හෝ වලක්වා ගැනීමට හැකිවීම ලිට්‍රෝ ගෑස් සේවක මණ්ඩලය මෙන්ම සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ලද සුවිශේෂී ජයග්‍රහණයක් විය.

රුපියල් බිලියන 7ක පමණ වාර්ෂික ශුද්ධ ලාබයක් සහ 75%ක් පමණ වූ වෙළඳපොළ හිමිකාරිත්වක් තිබූ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම එම ඉලක්කය ලඟාකර ගැනීම සඳහා එහි කලමණාකාරීත්වය සහ සේවක මණ්ඩලය ඉමහත් කැපවීමෙන් වසර ගණනාවක් පුරා කල සේවය මහත් රුකුලක් විය.

නමුත් පසුගිය වසර දෙකකටත් අඩු කාලයක් තුල මෙම ආයතනය නැවතත් විශාල වශයෙන් පාඩුලබන ආයතනයක් බවට ඇද දැමූයේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලයේ මහාපරිමාණ වංචා, අමනෝඥ තීරණ, ආයතනට දැරිය නොහැකි අති විශාල වේතන සහ වරප්‍රසාද ලබාගැනීම් හේතුවෙනි. ඒ මගින් ඔවුන් ඔවුන්ගේ දෙවන ඉලක්කයද ළඟාකර ගත්හ. ඒ ලිට්‍රෝ ගෑස් සමාගම පාඩුලබන ආයතනයක් බවට ජනතාවට ඒත්තු ගැන්වීමයි.

එවන් නඩු තීන්දුවක් තිබියදීත් වර්තමාන රජය යටතේත් වෙනත් වටයකින් හොර සිල්රෙදි පොරවාගත් චෞරයින් නැවතත් කලඑළි බසිමින් සිටී. මේ මජර දූෂිත තක්කඩියන් ජනතාවට පෙන්වන්න යන්නේ දැනට පාඩු ලබන ලිට්‍රෝ ගෑස් සමාගම ගොඩගත හැකි එකම ක්‍රමය සහ දේශීය වෙළඳපොළේ ගෑස් මිල ස්ථායීව පවත්වා ගැනීමේ එකම ක්‍රමය මෙම සමාගම් දෙකේ බද්ධ කිරීම බවයි.

ලාෆ් ගෑස් සමාගමේ හම්බන්තොට ටර්මිනල් පර්යන්තය යනු වෙළඳපොළ උපාය මාර්ගිකව ඉතාමත් දුර්වල සහ අසමත් තීන්දුවකි. එය ඔවුන්ගේ වැරදි තක්සේරු සහ වැරදි සැලැස්මක් මිස මේ රටේ ජනතාව විසින් වන්දි ගෙවිය යුතු වරදක් නොවේ.

දැන් ඔවුන් අවසන් තුරුම්පුව අදිමින් සිටී. ඒ මේ රාජ්‍ය ආයතනය බේරා ගැනීමට නම් ලාෆ් ගෑස් සමාගම සමග ඒකාබද්ධ කිරීමකට යා යුතුයැයි මහා භාණ්ඩාගාරය හරහාම යෝජනා කර මේ වන විටත් යෝජිත කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ලෙසද සකසා අවසන් කර ඇත. මෙම කුප්‍රකට ගනුදෙනුව සාර්ථක කරගතහොත් චෞරයින් ගේ අතයට සිදුවන ගනුදෙනුව රුපියල් බිලියන ගණනකි.

සමාගම් දෙකක් ඒකාබද්ධ කිරීමේදී (Merge) සාමාන්‍ය සංසිද්ධිය වන්නේ එම සමාගම් දෙකටම වාසි සැලසීමයි. (Win Win Situation) නමුත් මේ බංකොලොත් වී ඇති ලාෆ් ගෑස් සමාගම සහ පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම සමග ඒකාබද්ධ කිරීමේදී සිදුවන්නේ ලාෆ් ගෑස් සමාගමේ දැනට ඇති රුපියල් බිලියන 22ක් පමණ වූ ණය බර මේ රටේ ජනතාව පිට පටවා ඩීල් කාර තක්කඩියන් කල්ලියක් බිලියන ගණනක් ජනතා මුදල් කොල්ල කෑමකි.

ලාෆ් ගෑස් සමාගමේ මෙතරම් ණය බරක් පෙන්වීමට හේතුවන අනෙක් ප්‍රමුඛ කරුණ වන්නේ ලාෆ් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයම සාමාජිකත්වය දරමින් ඩුබායි රාජ්‍යයේ පිහිටුවා ඇති Slogal Energy නම් සමාගම හරහා ගෑස් මිලදීගෙන, මෙරටට ආනයනය කිරීමේදී නැවත වරක් එම Slogal Energy සමාගමට විශාල ලාබයක් දී රැගෙන ඒමයි. එමගින් ඔවුන් පෙන්වනේ මෙරටට ගෑස් ආනයනයේදී අධික පිරිවැයක් දැරීමට සිදුවන බවයි. මෙම මිල විකෘතිකරණය හරහා කරන බදු වංචාවද අති විශාලය. එමගින් ඔවුන් කරන්නේ ගෑස් මිල අධික බව මවාපා ව්‍යාපාරය පාඩු ලබන බව හඟවා කූඨ ලෙස බැංකුවලින් ගත් ණය පැහැර හැරීමයි.

පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගමට මෙවන් වංචාකාරී සමාගමක් සමග ඒකාබද්ධ කිරීමකට කිසිසේත් යා නොහැකි අතර ගනුදෙනු කිරීමක් වුවද ආචාර සම්පන්න නොවේ.

මේ රටේ ජනතාව සතු මහා අනර්ඝ සම්පතක් වූ ලිට්‍රෝ ගෑස් සමාගම මෙම කූඨ ඩීල් කාරයන්ගේ ග්‍රහණයට නතුවුවහොත් ගෑස් මිලදී ගැනීමේදී දැනට ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරවී ලාෆ් ගෑස් හිමිකාරිත්වය දරන ඩුබායි Slogal Energy හරහා ගෑස් ලබාගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගමටද සිදුවන අතර මෙමගින් ගෑස් සැපයීමේ ඒකධිකාරය වක්‍රාකාරයෙන් ලාෆ් ගෑස් සමාගම නතුකර ගනී. මින් සිදුවන්නේ 75% ක වෙළඳපොළ හිමිකාරිත්වයක් තිබූ රාජ්‍ය සමාගම අසරණ කරමින් බංකොලොත් වී තිබූ ලාෆ් ගෑස් සමාගම ශ්‍රී ලංකාවේ ගෑස් ඒකාධිකාරයක් අත්කර ගැනීමයි.

 

තවද මෙම කුප්‍රකට ව්‍යාපාරිකයා මේ වනවිටත් මෙම රාජ්‍ය සමාගම සමග ඒකාබද්ධ කිරීම ගැන ප්‍රසිද්ධ කර කොටස් වෙළඳපොලේ ඉතාමත් අඩු මුදලකට අලෙවි වෙමින් තිබූ ලාෆ් කොටස් වටිනාකම කෘතිමව 40%කින් පමණ වැඩි කර ඒ නිසාවෙන්ම මේ ඒකාබද්ද කිරීමේදී ලාෆ් ගෑස් සමාගමේ කොටසක් සඳහා ලිට්‍රෝ ගෑස් සමාගම ගෙවිය යුතු මුදල ඉතා ඉහල අගයකින් වැඩිකර ඇත.

රුපියල් බිලියන 22ක් පමණ වූ ණය බරක් උසුලා සිටින ලාෆ් ගෑස් සමාගමට රාජ්‍ය බැංකුවලින්ද ණය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති පසුබිමක තවත් රාජ්‍ය ආයතනයක් මෙයට කරගැසීමට යෑම මහත් විමතියට කරුණක් නොවේද ?

කිසිම පූර්ව අධ්‍යයනයකින් තොරව ලිට්‍රෝසේවක මණ්ඩලයේ නිර්දේශද නොතකා හරිමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සකස් කර ඇති යෝජිත කැබිනට් පත්‍රිකාව විහිලුවක් වන්නේ “සෞභාග්‍යයේ දැක්ම” නම් වූ ඒ අපූරු පොත් පිංචේ සහ මේ ක්‍රියාවලියේ කරුණු කාරණා කෙතරම් දුරට සැසඳේදැයි සිතන විටය.

මෙවන් වංචනික, බංකොලොත් වූ සමාගමක් සමග ඒකාබද්ධ වීමෙන් පූර්ණ රාජ්‍ය සමාගක් වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ වෙළඳපොළ කීර්තිනාමය එක රැයින් විනාශ වී යාම සක්කරයාගේ පුත් වයිමාටද නතරකළ නොහැක්කකි.

මේ එවන් වූ රාජ්‍ය සම්පත් මජර දූෂිත සොර කල්ලිවලින් බේරාගෙන රටේ අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමට ජනතාව සිහි බුද්ධියෙන් සිටිය යුතුම යක්ෂයා ගේ හෝරාවයි.

විශේෂ ලියුම්කරැවෙකු විසිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More