කලා පුවත්

ක්ෂත‍්‍රීය වංශයේ උපත ලද චන්ද්‍රගුප්ත කුමරු මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘවරයාය.
සර්වර්තසිද්ධි මෞර්ය රජතුමාගේ සහ මායා මෞර්ය බිසවගේ පුතු වූ චන්ද්‍රගුප්ත කුමරු පළමුවර විවාහ වූයේ දුර්ධාරා කුමරිය සමගය. විදේශීය කාන්තාවක වන ඔහුගේ දෙවන බිසව නමින් හෙලේනා වූවාය. නන්දිනි යනු චන්ද්‍රගුප්ත කුමරුගේ තුන්වන බිසවයි. චන්ද්‍රගුප්ත කුමරුට දාව නන්දිනි බිසව ලද කුමරු පසු කාලයේ බින්දුසාර නමින් රජකම ලද්දේය. ඒ අශෝක අධිරාජ්‍යයාගේ පියාය. ඒ අනුව නන්දිනි යනු අශෝක අධිරාජ්‍යයාගේ පිය පාර්ශ්වයේ මිත්තණියයි.

මේ දිනවල විකාශය වන චන්ද්‍ර නන්දිනි ටෙලිනාට්‍ය ද මෞර්ය අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා වූ චන්ද්‍රගුප්ත කුමරු සහ ඔහුගේ තුන්වන බිරිඳ නන්දිනි පිළිබඳ වූ කතාවයි. එහි නන්දිනිගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ ඉන්දියානු නිළි ස්වේතා බාසු ප‍්‍රසාද් විසිනි. 1991 වසරේ බිහාර් ප‍්‍රාන්තයේ උපන් ස්වේතාගේ පියා අනුජ් ප‍්‍රසාද් චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු වන අතර මව සර්මිෂ්ටා බාසු ප‍්‍රසාද් සංගීතඥවරියකි. පියාගේ නමින් ප‍්‍රසාද් යන්නත් මවගේ නමින් බාසු යන්නත් ගෙන ස්වේතා සිය නම ”ස්වේතා බාසු ප‍්‍රසාද්’’ යනුවෙන් ක්ෂේත‍්‍රය තුළ දී භාවිත කරනු ලබයි. 2002 වසරේ දී වයස අවුරුදු 11 ක ළමා නිළියක ලෙස ඇය චිත‍්‍රපට ක්ෂේත‍්‍රයට පිවිස ඇත්තේ ”චුන්නි මුන්නි” නම් වූ චිත‍්‍රපටයෙනි. එහි ප‍්‍රධාන ද්විත්ව චරිත වන චුන්නි ලෙසත් මුන්නි ලෙසත් රංගනයෙන් දායක වී තිබෙන්නේ ස්වේතාය. මේ සඳහා ඇය National Film Award ys iy Star Screen Awardහි හොඳම ළමා රංගනය සඳහා වන සම්මාන ද දිනා ගත්තා ය.

2002 වසරේ සිට මේ දක්වා චිත‍්‍රපට 17කට අධික ප‍්‍රමාණයක විවිධ චරිත නිරූපණය කර ඇති ස්වේතා අවස්ථා කීපයක දීම ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය, හොඳම සහාය නිළිය, නැගී එන නිළිය වැනි සම්මාන කීපයක් සඳහා නිර්දේශ වී තිබේ. චිත‍්‍රපට රංගනයට අමතරව ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන ඇය මේ වනවිට චන්ද්‍ර නන්දිනි ඇතුළු මෙගා ටෙලි නාට්‍ය 10ක ප‍්‍රධාන සහ උප ප‍්‍රධාන චරිත නිරූපණය කර තිබේ. එපමණක්ද නොව ඇගේ නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය යටතේ කෙටි චිත‍්‍රපට දෙකක්ද නිර්මාණය වී තිබේ. අධික මිලක් වැය කර එක්තා කපූර් සහ ශෝභා කපූර් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍ර නන්දිනි ටෙලි නාට්‍යයේ එන සියළු චරිත අතරින් වැඩිම මිලක් ගෙවා ඇත්තේ ද නන්දිනි චරිතය වෙනුවෙන් ස්වේතා බාසුටය.

2014 වසරේ සිට ඇය චිත‍්‍රපට නිර්මාණකරුවෙකු වන රෝහිත් මිත්තල් සමග ජීවත් වන අතර ඔවුන්ගේ විවාහය පිළිබඳ මේ දක්වා කිසිදු අදහසක් ප‍්‍රකාශ කරන්නට ඔවුන් දෙදෙනාගේම කැමැත්තක් නැත. මාධ්‍ය විසින් ඔවුන් දෙදෙනාගේ විවාහය පිළිබඳ ප‍්‍රශ්න කරන සෑම අවස්ථාවක දීම ”තාම අපි හඳුනා ගත්තා විතරයි” යනුවෙන් පවසා එය ම`ග හරින බව ”ද ඉන්ඩියන් සෙලිබි‍්‍රටි” වෙබ් අඩෙවිය ප‍්‍රකාශ කර තිබේ.
2016 වසරේ ස්වේතා බාසු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ ඇය ගණිකා වෘත්තියේ යෙදෙන බවට ලැබූ තොරතුරක් මත සිදු කරනු ලැබූ වැටලීමකිනි. අදාළ ස්ථානයේ තිබී ඇය විවිධ පුද්ගලයන් සමග ලිංගික ක‍්‍රියාවේ නිරත වූ ආකාරය දැක්වෙන වීඩියෝ පට විශාල ප‍්‍රමාණයක් සොයා ගැනීමටද පොලීසියට හැකි වී තිබිණි. මේ වනවිට ගණිකා වෘත්තියේ යෙදුණු බවට ඇයට විරුද්ධව නඩුවක් විභාග වුව ද ඇය සිය රංගන කටයුතුවල සාමාන්‍ය පරිදි නිරත වෙමින් හිඳී.

දුලංජලී මුතුවාඩිගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More