ව්‍යාජ කැදවීමේ ලිපි පෙන්වමින් කොළඹ නගරය ඇතුළු නගරවලට පැමිණෙන පුද්ගලයන්ට නිරෝධායන නීති කඩකිරීමේ චෝදනාව යටතේ වසර පහක් දක්වා සිර දඬුවම් ලබාදීමේ නීති ප්‍රතිපාදන පවතින බව පොලිස් ප්‍රධානීහු පවසති .
මෙයට අමතරව එලෙස නිරෝධාන නීති කඩකරන පුද්ගලයන් සම්බන්ධයෙන් රුපියල් පනස්දාහක දඩ මුදලක්ද ලබා දිය හැකි බව එම ප්‍රධානීහු සඳහන් කරති.
නිරෝධාන නීති කඩකරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
ව්‍යාජ සේවා කැදවීමේ ලිපි යොදා ගනිමින් විශාල පිරිසක් කොළඹ නගරයට පෙරේදා (31) දිනයේදී ඇතුළුවී ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී ඇත .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...