කිසිදු අයුරකින් ලුණු හිඟයක් හෝ මිල ඉහළ යාමක් සිදුනොවන බව ආමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මෙරට තුළ ලුණු නිෂ්පාදනයේ අතිරික්තයක් පවතින බවය.
එහෙත් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් පවතින බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් තොරතුරු වාර්තා විය.
මෙරට මුහුදු සීමාවේ දී රාසායනික ද්‍රව්‍ය සහිත නෞකාවක් අනතුරට ලක්වීම හේතුවෙන් විෂ ද්‍රව්‍ය මුහුදට එක්වී ලුණු නිෂ්පාදන ක්‍රියාවලියට බාධාවක් එල්ල විය හැකි බවට වන විශ්වාසය මත බොහෝ පිරිස් ලුණු මිලදී ගැනීමට පෙළඹීමෙන් ගැටලුකාරි තත්ත්වයක් මතුව තිබේ.
ඇතැම් වෙළෙඳුන් ලුණු තොඟ සඟවා ඇති බවට ද තොරතුරු වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අද (01) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, සතොස හරහා අඩු මිලට ලුණු අලෙවි කිරිමට පියවර ගෙන ඇති බවය.
මේ අතර මුහුදු ජලයට විෂ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර වුවද ලුණු නිෂ්පාදනයට එය බාධාවක් නොවන බව ලංකා ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදබරණ මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...