ක්‍රීඩා පුවත්

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (25දා) රාත්‍රියේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්වීමට නියමිතය.

2008 වසරේ මාර්තු මාසයෙන් පසු ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දූපත්හි සංචාරය කර නොමැති අතර, ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙතෙක් කොදෙව් දේශයේදී ටෙස්ට් තරගාවලියක ජයක් ලබා නොමැතිවීමද විශේෂත්වයකි.

මෙයට පෙර එනම් 1997, 2003 හා 2008 වසරවලදී ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලි සඳහා කොදෙව් දේශයේ සංචාරය කළද 2008 වසරේදී ලැබූ ටෙස්ට් තරග ජය ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයේ ලැබූ එකම ටෙස්ට් තරග ජය බවටද පත්විය. ඒ අනුව එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත්තද දෙවැනි තරගය කොදෙව්වන් ජයගැනීම හේතුවෙන් ඉතිහාසයේ පළමු වරට කොදෙව් දේශයේදී ලැබීමට තිබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගොස් තිබිණි.

මේ අතර වසර 10කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා යන්නේ විශාල බලාපොරොත්තුවකින් බව ඇන්ජිලෝ මැතිව්ස් පවසා තිබීම තුළ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් දේශය බලා යන්නේ වෙනස් යමක් කිරීමට බව පැහැදිලිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට ටෙස්ට් තරග 17ක් පවත්වා ඇතත්, ඉන් තරග 8කම ජය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට වීමද කැපී පෙනේ.

දෙරට අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජුනි 6 වැනිදාත්, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙළින් ජුනි 14දා හා 23දාත් ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම – දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ළහිරු ගමගේ, ළහිරු කුමාර, සුරංග ලක්මාල්, ඇන්ජිලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත්, කසුන් රාජිත, රොෂේන් සිල්වා, මහේල උඩවත්ත, ජෙෆ්රි වැන්ඩර්සේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More