ශ්‍රී ලංකාවට ගුවන් මගීන්ට පැමිණීමට අවසරය හිමිවීමත් සමග අද (01) මේ දක්වා කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා 10කින් මගීන් 768 දෙනෙකු පැමිණ ඇති බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව මැදපෙරදිග රටවල් වන කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය සහ මාලදිවයින යන රටවල සිට මෙම ගුවන් යානා පැමිණ තිබුණි.
ඉන්දියාවේ සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන් සඳහා තාවකාලික තහනමක් ක්‍රියාත්මක වේ.
මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙතද කටාර් ගුවන්සේවයට අයත් ගුවන් යානයක් පැමිණි බව අප වාර්තාකරු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...