දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එම පක්ෂයේ ලේකම් විජිත හේරත් මහතා පවසා සිටියේ රසායනික පොහොර විෂ සහිත යයි කියමින් රජය විසින් කාබනික පොහොර ආනයනය කිරීමට සූදානම් වන්නේ හිතවත් ව්‍යාපාරිකයන් පිනවීමට බවයි.

ඒ අනුව මන්ත්‍රී විජිත හේරත් මහතා අවධාරණය කරන්නේ ආණ්ඩුවේ ගජමිතුරු ව්‍යාපාරිකයන් විසින් චීනයේ නාගරික කසළ කාබනික පොහොර ලෙස මෙරටට ගෙන්වීමට සූදානමක් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්,රසායනික පොහොර තහනමට පෙර කාබනික පොහොර ලබාදීමට යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුව තිබූ බවද පෙන්වා දුන් හේරත් මහතා ඒ සඳහා මෙතෙක් කිසිදු පර්යේෂණයක් හෝ සිදු කර නැතැයි අවධාරණය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ලබාදීම ඉතාම සුදුසු බව පිළිගන්න නමුත් ප්‍රශ්නය ඇත්තේ කාබනික පොහොර  සපයා ගන්නේ කෙසේ ද යන බව යැයි පවසා සිටියේය.

විදේශ රටවල නාගරික කසළ හරහා මෙරට පසට සහ පරිසරයට උචිත නොවන විවිධ ආක්‍රමණශීලී ශාක වල බීජ පවා පැමිණිය හැකි බවත් කිසිම රටකින් කාබනික පොහොර ලෙස නාගරික අපද්‍රව්‍ය ගෙන්වීම අනුමත කළ නොහැකි බවත් දැඩිව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More