දේශීය පුවත්

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයාගෙන් ප්‍රශ්න කිරීම වැනි ක්‍රියාමාර්ග වලින් අදාල නෞකාව අයිති සමාගමෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය පූර්ණය කිරීම සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් ලබා ගැනීමට ඉඩ සැලසෙන්නේදැයි ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවෙන් ප්‍රශ්ණ කරණු ලැබුවේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු දෙමී දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ ” එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් වූ හානිය, හානි පූර්ණය කර ගැනීම සඳහා රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට රටක් ලෙස අපි අනුගමනය කළයුතු ක්‍රමවේදයක් තියෙනවා. එම කාරණා අතර ශ්‍රී ලංකාවේ අධිකරණයට කරුණු වාර්තා කර වහාම නැව අත්අඩංගුවට ගැනීම,නැවේ කපිතාන්වරයාට එරෙහිව උසාවි නියෝගයක් ගෙන ඔහුව පොලිස් අත්අඩංගුවට ගැනීම, යන කාරණා ප්‍රමුඛ වෙනවා.

රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට හුදු කපිතාන්වරයාගෙන් ප්‍රශ්න කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. කපිතාන්වරයාගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර තුර නැව අපේ මුහුදු සීමාවෙන් ඉවතට ඇද ගෙන යාම කළහොත් රටට සිදුවූ හානිය පූර්ණය කරගැනීමට වන්දි ලබා ගැනීමට ලැබෙන්නේ නැහැ. නැව අපේ අත් අඩංගුවට ගතහොත් පමණයි නැව ඇද ගෙන යාමට පෙර මුදල් තැන්පතුවක් ශ්‍රී ලංකා රජයේ තැන්පත් කිරිමට නැව් සමාගම නීතිමය වශයෙන් බැඳී සිටින්නේ.

එසේ නොකළහොත් සිදුවන්නේ කළින් නැව ගිනිගැනීමට ලක්වූ අවස්ථාවේදී මෙන් සොච්චම් මුදලක් වන්දිලෙස ලැබීම පමණයි. මෙම නැවෙන් අපට ඩොලර් මිලියන 1000කට වඩා වඩි මුදලක් වන්දි ලෙස ගෙවිය යුතු වෙනවා. එම මුදලෙන් 10%ක් හෙවත් ඩොලර් මිලියන 100ක් කවුරු හෝ නූල් සූත්තරකාරයෙක් අතයට ගනුදෙනුවක් ලෙස ලබාගෙන මේ ක්‍රියාවලිය පිටුපස හිඳිමින් රට ලැබිය යුතු රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමේ කටයුතු අවහිරකරමින් සිටින බව පැහැදිළිව පෙනෙනවා. ඒ නිසා අපි ජාතික සංවිධාන එකමුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් , නැව අත්අඩංගුවට ගැනීමටත් නැවේ කපිතාන්වරයා අත් අඩංගුවට ගැනීමටත් අවශ්‍යය නීතිමය කටයුතු කිරීමට අදාළ බළධාරින් මෙහෙයවන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More