දේශීය පුවත්

ඔලුවිල් ප්‍රදේශයේ දී 55 හැවිරිදි විවාහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරත් ප්‍රකාශ කර සිටියේ 2017 වසරේ දී සහරාන් හෂීම් සහ තවත් පුද්ගලයින් පිරිසකට රැකවරණය සැලසීම හා අන්තවාදය ප්‍රවර්ධනය කිරීමට මේ පුද්ගලයා සම්බන්ධ බවත් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බවත් අනාවරණය කළේය.

සහරාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් සමඟ ගැටුමක් ඇතිකර ගැනීමෙන් පසු පළා ගොස් සැඟව සිට ඇත්තේ කාන්තන්කුඩි ප්‍රදේශයේ දී ඊයේ (30) අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවසේ බවද පොලිස් ආරංචි මාර්ග පවසා සිටී.

මේ අතර ඔහුගේ නිවසේ රැකවරණ ලැබු පුද්ගලයන් දෙදෙනෙකු මීට පෙර පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More