පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා සිටියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා කලින් දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ පීසීආර් පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇති බවයි.
එහිදී උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට සමාජයේ ගැවසෙන ආසාදියන් සොයා සිදු කරන අහඹු පීසීආර් පරීක්ෂණ ද මුළුමනින්ම නවතා දමා ඇති බවයි.
කෙසේ වුවද සංචාරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආසාදිතයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම පහසු වී ඇතැයි පවසන උපුල් රෝහන මහතා සංචරණ සීමා දැඩි කිරීමේ සුබදායී ප්‍රතිඵල ඉදිරියේ දී රටට ලැබෙනු ඇති බවද අවධාරණය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...