දේශීය පුවත්

අද (30) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ දැනට ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් හසුරුවනු ලබන, ඉන්ධන ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීම, පෞද්ගලික අංශයට විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවයි.

ඒ අනුව, 1961 අංක 28 දරණ ඛණිජ තෙල් නීතිගත සංස්ථා පනත සංශෝධනය කිරීමට නියමිත අතර, පනත සංශෝධනය කළ පසුව, දැනට ඛණිජතෙල් නීතිගත සංස්ථාව විසින් හසුරුවනු ලබන කාර්යයන් සදහා පෞද්ගලික අංශයට අවසරය ලබා දීමේ බලය විෂයභාර අමාත්‍යවරයා වෙත ලැබෙනු ඇත.

ත්වද පුවත් පත අනාවරණය කරන්නේ අදළ යෝජනාව, විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන බවයි.

කැබිනට් මණ්ඩලයට අනුව නිසි ක්‍රියා පටිපාටියක් අනුගමනය කිරීමෙන් පසුව තෝරා ගන්නා ඕනෑම පාර්ශ්වයකට පෙට්‍රල් ,ඩීසල් සහ භූමිතෙල් ආදී ඛනිජ තෙල් නිෂ්පාදන සහ විකල්ප ඉන්ධන ආනයනය, පිරිපහදු කිරීම හා බෙදා හැරීම සඳහා අවසර ලබා දිය හැකිය.

සංශෝධනය සාධාරණීකරණය කරමින් කැබිනට් පත්‍රය සඳහන් කළේ 1961 පනතට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් ආනයනයල පිරිපහදුව සහ බෙදා හැරීම පිළිබඳ ඒකාධිකාරය දැරූ නමුත් 2002 විශේෂ පනතක් යටතේ ලංකා ඉන්දියානු තෙල් සංස්ථාවට ද අවසර ලබා දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම පනත දැන් බලාත්මක නොවන බැවින් ආනයනල පිරිපහදු හා බෙදා හැරීම් සඳහා තරඟකාරී ආයතනවලට අවසර ලබා දීම සඳහා මුල් පනත සංශෝධනය කළ යුතු බව යෝජනාවේ සඳහන් විය.

වර්තමානයේදී, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනකට බැරල් 100,000 ක් පිරිපහදු කිරීමේ ධාරිතාවයකින් යුත් “බිල්ඩ් ඔපරේට් සහ ට්‍රාන්ස්ෆර්” පදනමක් මත නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් ක්‍රියාත්මක කරමින් සිටියද, පනතට අනුව හවුල් ව්‍යාපාරයකට පිවිසීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවසර නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More