දේශීය පුවත්

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ ප්‍රධානත්වයෙන් “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (30) පෙරවරුවේ පැවැත් වී ඇති බව වාර්තාවේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනි ලහඳපුර මහත්මිය ඇතුළු පිරිසක් එම සාකච්ඡාව සඳහා සහභාගි වී ඇත.

සාකච්ඡාවෙන් පසුව මාධ්‍යය වෙත අදහස් දැක්වු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසා සිටියේ පවතින තත්ත්වය තුළ නෞකාව ගිලියාමේ හෝ තෙල් කාන්දුවීමේ අවදානමක් නොමැති බවය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍යය වෙත පවසා සිටියේ අනතුර සම්බන්ධයෙන් අදාළ නෞකාවේ කාර්යය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට (31) දිනය තුළ කටයුතු කරණු ඇති බවයි.

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් සිදුවු හානිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඉකුත් 23 වැනිදා කොළඹ වරාය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. ඒ අනුව කොළඹ වරාය පොලීසිය පරීක්ෂණ ආරම්භ කළ අතර ඊට අදාළව ලබාගත් මුහුදු ජලය රජයේ රසපරික්ෂක වෙත මේවන විටත් යොමු කර අවසන්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමුද්‍රීය අණතුරු සම්බන්ධයෙන්  වන රක්ෂණ කටයුතු ක්‍රියාවලිය පිළිබඳ රක්ෂණ විශේෂඥයෙකු පවසා සිටියේ ගිනි ගත් නැව අයත් සමාගම ශ්‍රී ලංකා රජයට ලබා දිය යුතු වන්දිය නොගෙවීමට අවශ්‍යය වන ආකාරයට කටයුතු පෙළගස්වන්නට ශ්‍රී ලංකාවේ බළධාරින් කටයුතු කරණ බව බැලූ බැල්මට තහවුරු වන බවයි.

ඔහුට අනුව නීතියෙන් වගකීම පැවරී ඇති වානිජ නාවික ලේකම් කාර්යාලය මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගන්නා බවක් දක්නට නොලැබේ.වානිජ නාවික ලේකම් කාර්යාලයට අවශ්‍යය තාක්ෂණික සහය දැක්වීමේ වගකීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පැවරෙන අතර අදාළ නැව් සමාගමට නඩු පැවරූ විට රක්ෂණ සමාගම් වලට හෝ අදාළ නාවික සමාගමට ශ්‍රී ලංකාවේ රජයේ අවසරපත් නොමැතිව එම නැව නැවත ඇදගෙන යාමට හැකියාවක් නැත.

එම තත්වයට සිදුවීම වර්ධනය කරගන්නවා වෙනුවට තෙල් කාන්දුවක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා නාවික හමුදාව ලවා ප්‍රකාශ නිකුත් කරන්නේ අදාළ නැව ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු වන්දිය නොගෙවීමට අවශ්‍යය කටයුතු සියුම්ව සම්පාදනය කිරීමට බව ඔහුගේ අදහසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More