දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේදී නැවක් අණතුරට පත්වී පාරිසරික හානියක් සිදුවූ අවස්ථාවක ශ්‍රී ලංකා රජය පළමුව කළ යුත්තේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර අදාළ නැවේ කපිතාන්වරයා අත් අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීම බව නාවික ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.

එම වගකීම නීතියෙන් පැවරී ඇත්තේ වානිජ නාවික ලේකම් කාර්යාලයටය. ඊට තාක්ෂණික සහය දැක්වීමේ වගකීම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට පැවරේ. එසේ නඩු පැවරූ විට රක්ෂණ සමාගම් වලට හෝ අදාළ නාවික සමාගමට ශ්‍රී ලංකාවේ රජයේ අවසරපත් නොමැතිව එම නැව නැවත ඇදගෙන යාමට හැකියාවක් නැත.

එසේ ඇදගෙන යාමක් හෝ නැවේ එන්ජිමේ තෙල් හෝ භාන්ඩ ඉවත්කර ගැනීමක් කරන්නේ නම් රක්ෂණ මුදලින් ශ්‍රී ලංකාවේ තැන්පතුවක් තැබිය යුතුය. ඒ අනුව දැන් කාගේ හෝ බලපෑමක් මත බොහෝ විට රක්ෂණ සමාගමෙන් කොමිස් ලබාගන්නා තැරැව්කරුවෙකුගේ බලපෑම මත නඩු පැවරීමක් සිදු නොවූ නිසා දැන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු සාධාරණ රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිවනු ඇත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More