දේශීය පුවත්

රණවිරුවන් කිහිපදෙනෙක් රජයේ උසස් තනතුරු දරද්දී ජාත්‍යන්තරයේ පෙර නොවූ විරූ ලෙස රණවිරුවන්හට විරුද්ධව කටයුතු කෙරෙන නමුත් රජයෙන් ඒ පිළිබඳව දක්වන උනන්දුව ගැන සෑහීමකට පත්විය හැකිදැයි “ලංකා ලීඩ් නිවුස්” පුවත් වෙබ් අඩවිය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසන ලදී. එතුමා ප්‍රකාශ කළේ ” ඔලමොට්ටල නොවන කිසිවෙක් තමුන්ට අනතුරක් ඇති විට එයින් ආරක්ෂා වීම සඳහා යම් කිසි සාධනීය දෙයක් සිදුකරනු ලබන බවයි.

ඇත්තටම එහෙම ඔලමොට්ටලයින් ඉන්නවනම් ඒ ගැන නොවෙයි අපි කලබල වෙන්න අවශ්‍ය. කළ යුත්තේ අපේ රටට සිදුවෙන්න යන විපත ගැනයි අප අවධානය යොමුකිරීමයි. කැනඩාවෙ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ “බිල් 104″න් දැන් සිදුවෙන්නෙ වාර්ෂිකව මැයි 18 මුල් කරගෙන ලංකාවේ දෙමල සංහාරයක් වූවා යැයි කියා සතියක සැමරුමක් සිදුකිරීම. එම පනතට විරුද්ධව ආණ්ඩුව හීං කෙඳිරියක් දැම්ම. දැන් ඇමරිකාවෙ “බිල් 117″ ගෙනල්ල දෙමල නිජබිමක් ප්‍රකාෂ කරන්න යනව. ඒ අතරෙ අපේ හමුදාව සාම සාධක හමුදාවල සේවයට යන එක තහනම් කරන්න යනව. අලුත්ම එක තමයි දැන් ලංකාවෙ තියෙන මානව හිමිකම් කාර්යාලය බල කරනව කොවිඩ් එන්නත දෙන ක්‍රමවේදය පිළිබඳව ජූනි 15 වෙනිදට පෙර එයාලට ලිඛිතව දැනුම් දෙන්න කියල. මෙහෙම ගියොත් පාර්ලිමේන්තුව අවශ්‍ය නැතිවෙයි.

මෙම රජය පත්වුන විගස යුද අපරාධ චෝදනා වලට විරුද්ධව කටයුතු කරානම් මේ දේ වලක්ව ගන්න තිබුන. ඇත්තම කියනවනම් බලයේ ඉන්න ආණ්ඩුවේ ප්‍රභල රණවිරුවන් හිටියට මේ අයට ඔය කාරණය පිළිබඳව බරපතල ලෙස වැටහී ඇති බවක් පෙනෙන්නෙ නෑ. තමුන්ගෙ ආරක්ෂාවට තර්ජනයක් එල්ලවී ඇතිවිට ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැතිනම් ඒක ඔලමොට්ටල කමක් නොවෙයිද?

මේ සියල්ලට මුල යහපාලනය ගෙනාව 30/1 යෝජනාව. අභයතිස්ස හාමුදුරුවො ප්‍රමුඛ ජාතික සංවිධාන කරුණු පෙන්වල දුන්නහම හිටපු ජනාධිපති සිරිසේන මහතා පියවර ගත්ත ජාත්‍යන්තරයෙන් එල්ලවෙන චෝදනා වලක්වගන්න. මේ රජය බලයට ආව විගස එතැන් සිට ක්‍රියාත්මක වීමට තිබුණ. දැන්වත් තේරෙන්න ඕන සම අනුග්‍රහයෙන් ඉවත්වීම පමණක් සෑහෙන්නෙ නැති බව. කරන්න අවශ්‍ය මොනවද කියල අපි අනන්තවත් පෙනවා ඩුන්නා. අන්තිම මොහොතෙ හරි ප්‍රතියෝජනා උගුලෙ නොවැටුන එක හොඳ දෙයක්. නමුත් එය ප්‍රමාණවත් නෑ.

රණවිරුවො විතරක් නොවෙයි අපි සියළු දෙනා දවසක මැරෙනව. වෙනසකට තියෙන්නෙ යුද අපරාධ චෝදනා ලද රණවිරුවො යුද අපරාධ කරුවන් හැටියට කවදා කොහේදී කුමන ආකාරයකට මැරේවිද යන්නයි කියන එකයි.

රටේ ප්‍රශ්නය ඊට වැඩිය බරපතලයි. මේ රණවිරුවන් යුද අපරාධකරුවන් නොවේ යැයි පැවසීමට නොහැකි වීමෙන් ලෝකයා ඉදිරියේ අප සමූල ඝාතකයින් හැටියටත් උතුර සහ නැගෙනහිර දෙමල නිජභූමිය ලෙස සැලකීමටත් සිදු වෙනව. තව රට රට වලින් අපිට එරෙහිව මොන මොන ආකාරයේ කඩු අමෝරයිද දන්නෙ නෑ. ලංකාවෙ මානව හිමිකම් කොමිසමේ කාර්‍යාලයටත් යටත් වෙන්න වෙයි.

එහෙම බැලුවහම යහපාලන රජයත් පොහොට්ටු රජයත් දෙකම එක ලෙස රටට අපරාධයක් කරල තියෙන්නෙ. එසේ නොවන්නනම් රජය වහ වහා ක්‍රියාත්මක විය යුතුයි. ගෙවෙන හැම මොහොතක්ම අපිට අවාසියි. ඒ ගැන දැන දැන කිසිත් නොකර සිටීමත් ඒ ගැන නොදැන සිටීමත් ඔලමොට්ටල කමක් තමයි.” යනුවෙන් පවසන ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More