පුරවැසි කොලම

භාග්‍යවතුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති ලෝක උරුම සේරුවිල මංගල රාජ මහා විහාරය ශතවර්ෂ හත අටක් මහා වනාන්තරයකින් වැසී තිබුණු අවධියේ නැවත සොයා ගනු ලැබුවේ කළ්‍යාණීවංශ මහා නිකායේ මහනායක මංගල ධර්මකීර්ති ශ්‍රී දඹගස්ආරේ සුමේධංකර නාහිමිපාණන් වහන්සේ විසිනුයි.

දඹගස්ආරේ සුමේධංකර නාහිමිපාණන් වහන්සේ අපවත් වීමෙන් පසුව සේරුවාවිල මංගල රාජමහා විහාරාධිපති ධුරයට පත් වූයේ සේරුවිල සරණකිත්ති නා හිමිපාණන් වහන්සේයි. නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්රධාන සංඝනායක සේරුවාවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසුව එය හිමි වන්නට තිබුණේ කොටපොල අමරකිත්ති නායක මාහිමිපාණන් වහන්සේටයි.

නමුත් මේ අවස්ථාවේදී තමයි මහමෙව්නාව සේරුවාවිල තමන්ට අයත් කරගන්නට කුමන්ත්රණය ආරම්භක කළේ. කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේට ලැබෙන්න තිබූ විහාරාධිපති ධූරය නොලැබෙන තැනට පත් කර, දායක සභාව විසින් විහාරාධිපති හිමියන් පත් කර ගන්නා අමුතු ආකාරයක් නිර්මාණය කරගෙන, ශාස්ත්රපති මුංහේනේ මෙත්තාරාම ස්වාමීන් වහන්සේව ඒ සඳහා පත්කර ගත්තා.

පසුගිය දිනක මුංහේනේ මෙත්තාරාම හිමියන් ඉන්දියාවේ දී අපවත් වුනා. උන්වහන්සේ ඉන්දියාවට රැගෙන යෑමට පෙර, කිරිබත්ගොඩ හිමියන්ගේ ශිෂ්ය අළුදෙණියේ සුබෝධි හිමියන්ට විහාරාධිපති ධූරය ලැබෙන ආකාරයේ ලිපියක් ද කුමන්ත්රණකාරී මහමෙව්නාව විසින් සකස් කර ගෙන තිබුනා.
සේරුවාවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපති ධූරයට පත් විය යුතු, කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේ කිරිබත්ගොඩ හිමියන්ට මුල්ම වකවානුවේ සිටින්නට තැනක් නොමැති විට තමන් වහන්සේට පූජා කර තිබූ අක්කර 10ක භූමියක්ද කිරිබත්ගොඩ හිමියන්ට පැවරූ ස්වාමීන් වහන්සේ නමක්. එම කෙළෙහිගුණයවත් නැති කිරිබත්ගොඩ හිමියන් කොටපොල හිමියන්ට ලැබෙන්නට තිබූ විහාරාධිපති ධුරය හිතා මතා කුමන්ත්රණකාරී ලෙස, මෙම වතාවෙත් තමන් යටතට ගන්නට අළුදෙණියේ සුබෝධි හිමියන්ව ඒ සඳහා යොමු කර තිබුනා.
කිරිබත්ගොඩ හිමියන්ගේ මේ කුමන්ත්රණකාරී වැඩපිළිවෙල වටහා ගත් අමරපුර ශ්රී කල්යාණිවංශ මහා නිකායේ විධායක සංඝ සභාව, සේරුවාවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරය මේ ගැටළුව නිරාකරණය කර ගන්නා තෙක්, නිකායෙහි මහා නායක අතිපූජනීය දොඩම්පහල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ යටතට තාවකාලිකව පත් කරන්නට තීරණය කර තිබුනා. මෙවැනි කුමන්ත්රණකාරී අවස්ථාවක ගත යුතු සුදුසුම තීරණය වන්නේ ද එයයි. එම පත් කිරීම බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් ද පිළිගෙන තිබුනා.
නමුත් එයින් කුපිත වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්, තමන්ගේ ශිෂ්ය අළුදෙණියේ සුබෝධි හිමියන්ව මහනායක මාහිමිපාණන් වහන්සේ වැඩ වසන කලපළුවාව ගෝතම තපෝවනයට එවා තිබුණු අතර එහි පැමිණි සුබෝධී හිමියන් මහනායක මහහිමිපාණන් වහන්සේට ඉතා අසභ්ය ආකාරයට බැන වැද තිබුණා. එම පහත් නින්දිත හැසිරීම පිළිකුල් සහගතව හෙළා දැකිය යුතුයි.
තපෝවෘද්ධ, වයෝවෘද්ධ, බහුශ්රැත නිකායේ මහනායක මා හිමිපාණන් වහන්සේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ සියලුම ශිෂ්ය ස්වාමීන් වහන්සේලාගේ මහෝපාධ්යාය ස්වාමීන් වහන්සේ ද වෙනවා.
තමන්ව පැවිදි උපසම්පදා කළ වැඩිහිටියන්ට ගරු කිරීම වත් නොදන්නා, සංඝ සභාවක තීරණයකට වත් එකඟ නොවන, බලය ධනය මත්තේම ජීවත්වන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අනුදැනුම මත පැමිණි අළුදෙණියේ සුබෝධි හිමියන් ඇතුළු පිරිස, මහනායක මා හිමි පාණන් වහන්සේට බැන වදිමින් සිටියදී, ඒ හිමිවරුන් ව නතර කරන්නට එතනට වැඩම කළ අනෙකුත් මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලාට ද නින්දා අපහාස කරමින් බැණ වැද තිබුනා. ගුණධර්ම කිසිවක් නොදන්නා ගුණමකු බවින් පිරුණු මහමෙව්නාවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න නම් බැහැ. ඔවුන්ගේ මුළුමහත් අතීත වැඩපිළිවෙළම ගුණමකු බවින් පිරී පවතින බව අපි හොඳින්ම දන්න කරුණක්.
ථෙරවාදී සම්ප්රදායන්ට විරුද්ධව අතීතයේ පැවති අභයගිරි ජේතවන වැනි නිකායන් මෙන් වර්තමානයේ ද සේරුවාවිල මුල්කරගෙන අභිධර්මය ප්රතික්ෂේප කරන කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්ම විරෝධී නැගී සිටීම විධායක සංඝ සභාවේ තීරණය මගින් යටපත් වුන නිසා එම අරමුණ ඉටුකර ගන්නට නොහැකි වූ තැන කිරිබත්ගොඩ හිමියන් කුපිත වී මහනායක මහා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා ස්ථවිර ස්වාමීන් වහන්සේලාට ද බැන වැදී දොස් පවරමින්, ඉන්පසුව පසුව අධිකරණයට ගොස් මහා නායක මාහිමිපාණන් වහන්සේට සේරුවාවිලට වැඩම කරන්නට නොහැකි ලෙස අධිකරණ නියෝගයක් ද ගෙන තිබුණා.
සේරුවාවිල සරණකිත්ති නා හිමිපාණන් වහන්සේ ජීවත්ව වැඩ සිටියදීම සේරුවාවිල තමන්ට අයත් කරගන්නට පළතුරු ආදී මහා පූජාදිය කරමින් කුමන්ත්රණ සැකසූ කිරිබත්ගොඩ හිමියන්ගේ මෙවර උත්සාහය, මුස්ලිම් ජාතිකයන් ද බහුතරයක් සිටින දායක සභාවක් නිර්මාණය කරගෙන, අධිකරණ ඇමති ද සම්බන්ධ කරගෙන, රාජ්ය බලය ද ප්රයෝජනයට ගෙන, උසාවියෙන් තහනම් නියෝග ද ලබාගෙන, කෙසේ හෝ තමන් වෙත සේරුවිල මංගල රාජමහා විහාරය අයත් කර ගැනීමයි.
කිරිබත්ගොඩ හිමියන්ට තවම මුදලට ගත් නොහැකි වූයේ සොලොස්මස්ථාන වලට අයත් ස්ථානයක් පමණයි. සෝමාවතිය, මිහින්තලය, සේරුවිල ආදී ලෙස උන්වහන්සේ විසින් අවස්ථා ගණනාවක දී කෙසේ හෝ එම ස්ථානයක් ලබා ගැනීම සඳහා විවිධ උත්සාහයන් ද දරා තිබුනා.
බැරිම තැන අටමස්ථානයට සමීපම ස්ථානයක මහා විශාල විහාරස්ථානයක් ඉදි කරන්නට ද සැලසුම් සකස් කර තිබුණා. අටමස්ථානාධිපති ස්වාමිීන් වහන්සේලාගේ විරුද්ධත්වය නිසා එය හකුලා ගන්නට වූ තැන උන් වහන්සේලාට දොස් කියමින්, මහමෙව්නා මූලස්ථානය වන පොල්ගහවෙල සම්බුද්ධ රාජ මන්දිරයෙහි එහි සැලැස්ම ප්රදර්ශනයට තබා, එය ඉටු කර ගන්නට අටමස්ථානාධිපති හිමිවරුන් දෙන්නේ නැති බව සඳහන් කර තබමින් මිනිසුන් ලවා අටමස්ථාන හිමිවරුන්ට දොස් කියන්න්ට කටයුතු කළේ ද පහත් ආකාරයටයි.
බුදුදහම පහත් ආකාරයේ මුදලාලි කරණයකට පත්කරමින්, බුදු දහම තුලින් මුදල් හම්බ කිරීම එකම අරමුණ කරගෙන කටයුතු කරන කිරිබත්ගොඩ හිමියන්ගේ සේරුවාවිල මංගල රජ මහා විහාර මංකොල්ලය නතර කරන්නට මහන්සි ගන්නා, මහනායක මාහිමිපාණන් වහන්සේ ප්රමුඛ විධායක සංඝ සභාවට අපගේ වන්දනීය නමස්කාරය වේවා!


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More