දේශීය පුවත්

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ සෞඛ්‍ය වෘත්තියවේදීන් විසින් සිදුකරන ලද ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දිවයින පුරා සංචරණ සීමා පැනවීමට ගත් තීරණ ඉතා ඉහළින් අගය කරන බවයි.

පනවා ඇති එම සංචරණ සීමා හේතුවෙන් රටක් වශයෙන් ආර්ථිකයට බලපෑමක් එල්ල වුවද රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට සිදුවන හිතකර බලපෑම අවතක්සේරු කළ නොහැකි බව එම සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටී.

එම නිවේදනය මගින් බහුතර මහ ජනතාවගේ ජීවිතවල වටිනාකම තාවකාලිකව සිදුවන් ආර්ථික පසුබෑම තුළින් ඇතිවන හානි පූර්ණයට වැයවන පිරිවැයට වඩා ඉහළ වටිනාකමක් සහිත බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරනය කර තිබේ.

යම් විදියකින් සංචරණ සීමා පැනවීමට රජය තීරණය නොකළේ නම් ආසාදිතයින්ගෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරීගොස් සෞඛ්‍ය අංශයේ සිදුවන අඩපණවීම හේතුවෙන් කොරෝනා රෝගින් බොහෝ පිරිසක් මියයා හැකිව තිබූ බව එම සංගමය පවසා සිටී.

කෙසේ වුවද එම නිවේදනය මගින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රජය විසින් ගන්නා ලද තීරණය එම රෝගය පාලනය කළ හැකි මට්ටමට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More