දේශීය පුවත්

කොරෝනා රෝගය පාලනය සඳහා ඔක්ස්ෆර්ඞ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිෂීල්ඞ් එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් මෙරට ලක්ෂ හයක පමණ ජනතාවකට එහි දෙවැනි මාත‍්‍රාව නිසිකාලයට ලබාදීමට නොහැකි ගැටලූවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඉන්දියාවේ සීරම් සමාගම මගින් ලබාදුන් මෙම එන්නත් මාත‍්‍රා ලක්ෂ 09න් මාත‍්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත්තේ ලක්ෂ තුනක පමණ පිරිසකට බව එන්නත් ලබාදීමේ වැඩසටහනේ නිරත සෞඛ්‍ය බලධාරීහු පවසති.

මෙය ශ‍්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහනේ දුර්වලතාවයක් නොව ඉන්දියාවේ සීරම් සමාගමේ එන්නත් නිෂ්පාදනය සම්බන්ධව මතුවූ ගැටලූවක් මත ඇතිවූවක් බවද එම සෞඛ්‍ය නිලධාරීහු සඳහන් කරති. මෙම තත්ත්වය ඇස්ට‍්‍රාසෙනිකා එන්නත භාවිතා කරන තවත් රටවල් කිහිපයකට මතුව ඇතැයිද සෞඛ්‍ය නිලධාරීහු පවසති.

මෙම එන්නත දැනට මිලදීගෙන සිටින රටවලින් ලබාගැනීමට රජය උත්සාහ කළද එන්නත නිපදවන සමාගමින් හෝ නියෝජිතයකු මගින් ලබාගන්නා මෙන් වගකීමක් හෝ විශ්වාසනීය සහතිකයක් ලබාදීමට අදාළ රටවල බලධාරීන් ප‍්‍රතික්ෂේප කිරීම නිසා එම උත්සාහයද අසාර්ථකවී ඇතැයි සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පවතින තත්ත්වය මත ඇති එකම විකල්පය දැනට ඇස්ට‍්‍රාසෙනිකා එන්නතෙහි පළමු මාත‍්‍රාව ලබාගත් පිරිසට එහි ක‍්‍රියාකාරී කාලසීමාව අවසන්වූ පසු සිනොෆාම් එන්නත හෝ ස්පුට්නික් එන්නත ලබාදීමට පියවර ගැනීම බව විශේෂඥ වෛද්‍යවරු රජයට යෝජනා කර ඇත.

දැනට මෙම එන්නත් මාත‍්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇත්තේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට සහ කොවිඞ් මර්දන වැඩසටහනේ නිරත ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට පමණක් බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More