සමස්ත ලංකා හෙද සංගමය කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් හෙට (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පවසා ඇති බව වාර්තාවේ.
සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා පැවසුවේ සිය ගැටලු සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කිරීමට කටයුතු කළ ද ඊට නිසි විසඳුම් ලබානොදීම හේතුවෙන් එම තීරණයට පැමිණිනු බවයි.
ඒ අනුව හෙට(31) උදෑසන සිට අනිද්දා (01) උදෑසන දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන එච්.එම්.එස්.බී මැදිවත්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
කෙසේ වුවද සිය ඉල්ලීම් සඳහා නිසි පිළිතුරු ලබානොදීම හේතුවෙන් වැඩවර්ජනයක නිරතව සිටි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා ඊයේ පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබාදෙන බවට බලධාරින් පොරොන්දු වීම හේතුවෙන් සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව මාධ්‍යය වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...