සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසා සිටින්නේ ‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාවේ ගින්න හේතුවෙන් අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවත් මේ දිනවල වර්ෂාවට සෘජුවම නිරාවරණය වීමෙන් වළකින ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.
නෞකාවේ ගින්න හේතුවෙන් පිටවූ නයිට්‍රජන් ඔක්සයිඩ් වායුව ඉහළ වායුගෝලයේ ඇති ජල අංශු සමග මිශ්‍ර වීමෙන් නයිට්‍රික් අම්ලය හෙවත් අම්ල වැසි ඇති වන බව සභාපතිනිය පැහැදිළි කළාය.
ඇයට අනුව එලෙස ඇති වන වායු ධාරාවන් වෙරළබඩ ප්‍රදේශවල සිට රට තුළට ගමන් කළ හැකි බවත් එමගින් අවට ප්‍රදේශවලටද අම්ල වැසි ඇතිවීමේ හැකියාවක් තිබේ.
ඒ අනුව එළිමහනේ ඇති ලෝහයෙන් තැනූ උපකරණ මෙන්ම වාහන ආවරණය කර තැබීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටින සභාපතිනිය මෙම වැස්සට නිරාවරණය වන්නන්ට විවිධ අසාත්මිකතා ඇති විය හැකි බවද පවසා සිටියාය.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඇය පවසා සිටියේ මෙම නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ස්පර්ශ කළ පුද්ගලයන් කිහිපදෙනෙකුට මේ වන විටත් සමේ ආසාත්මිකතා හට ගෙන ඇති බවත් මෙම සුන්බුන් ඉවත් කිරීමට අදාළ නිලධාරීන් නියමිත ක්‍රමවේද යටතේ මේ වන විටත් පියවර ගනිමින් සිටින බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...