දේශීය පුවත්

කොවිඩ් ආසාදිතවීමෙන් සිදුවූ මරණ තවත් 39ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  (28) තහවුරු කරයි.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1363 ක් දක්වා ඉහළ ගියේය.

මෙම මරණ අතරින් 3 ක් ඊයේ (28) දිනයේත් සෙසු ඒවා අප්‍රේල් 29 සිට මැයි 27 වැනිදා දක්වා සිදුවූ ඒවා වේ.

මින් තිදෙනකු නිවසේදී මියගොස් ඇති අතර තවත් තිදෙනකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇත.

හංදෙස්ස ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක්, වාද්දුව ප්‍රදේශයේ 69 හැවිරිදි පිරිමි අයෙක් සහ 34 හැවිරිදි කාන්තාවක්, පල්ලේවෙල ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, දඹදෙණිය ප්‍රදේශයේ 46 හැවිරිදි පිරිමි අයෙක්, ගෝනාවල ප්‍රදේශයේ 53 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 09 ප්‍රදේශයේ 78 හැවිරිදි පිරිමි අයෙක්, ගලහ ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, රාජගිරිය ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල ප්‍රදේශයේ 75 හැවිරිදි කාන්තාවක්, කරදවෙල ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමි අයෙක්, ගාල්ල ප්‍රදේශයේ 74 සහ 78 වියැති පිරිමි පුද්ගලයන් දෙදෙනෙක්, කල්එළිය ප්‍රදේශයේ 68 හැවිරිදි කාන්තාවක්, දිවුලපිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, අත්තනගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි කාන්තාවක්, පේරාදෙණියේ 87 හැවිරිදි කාන්තාවක්, පට්ටියවත්ත ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක්, මහනුවර 75 හැවිරිදි කාන්තාවක්, බලංගොඩ ප්‍රදේශයේ 72 හැවිරිදි කාන්තාවක්, දොඩංගොඩ ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, කළුතර 61 හැවිරිදි පිරිමි අයෙක්, බඩල්ගම ප්‍රදේශයේ 63 හැවිරිදි පිරිමි අයෙක්, කොළඹ 13 ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක්, දෙදෙනෙක්, ඉමදූව ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, දැරණියගල ප්‍රදේශයේ 62 හැවිරිදි පිරිමි අයෙක්, පේරිය පොරතිව් ප්‍රදේශයේ 73 හැවිරිදි පිරිමි අයෙක්, කළුගස්වැව ප්‍රදේශයේ 46 හැවිරිදි කාන්තාවක්, කඩුගන්නාව ප්‍රදේශයේ 78 හැවිරිදි කාන්තාවක්, තලාතුඔය ප්‍රදේශයේ 52 හැවිරිදි කාන්තාවක්, දොඩන්දූව ප්‍රදේශයේ 90 හැවිරිදි කාන්තාවක්, බටපොළ ප්‍රදේශයේ 86 හැවිරිදි පිරිමි අයෙක්, හපුගස්පිටිය ප්‍රදේශයේ 62 හැවිරිදි කාන්තාවක්, ගල්කිස්ස ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි අයෙක්, කොට්ටාව ප්‍රදේශයේ 57 හැවිරිදි පිරිමි අයෙක්, දීගල්ල් ප්‍රදේශයේ 61 හැවිරිදි කාන්තාවක්, මල්වාන ප්‍රදේශයේ 43 හැවිරිදි පිරිමි අයෙක්, ගම්පොල ප්‍රදේශයේ 64 හැවිරිදි පිරිමි අයෙක් සහ 52 හැවිරිදි කාන්තාවක් මියගිය අය අතර වෙති.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ නිදන්ගත රෝග සහ කොවිඩ් නියුමෝනියා තත්වයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More