කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඊයේ (28) වනවිට ප්‍රදේශ කිහිපයක වෙරළට ගොඩගසා තිබෙන බව වාර්තාවේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුව මෙය දැවැන්ත සමුද්‍රීය පරිසර විනාශයක් වන අතර නෞකාවේ තිබූ බහාලුම් කොටස් සුන්බුන් සහ භාණ්ඩ පානදුර සිට කළුතර දක්වා වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ඉයේඉ(28) වන විට ගොඩගසා තිබුණි.
ගොඩගසා තිබූ සුන්බුන් අතර මියගිය මසුන් ද කැස්බෑවෙකු ද සිටි බව වාර්තාවේ.
අත්තිඩිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ගොඩගසා තිබූ මියගිය මසුන් පරීක්ෂාවට ලක්කළ අතර එහිදී එම මසුන්ගේ කුස තුළ නෞකාවෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් කැබලි තැන්පත්ව තිබූ ආකාරය දක්නට ලැබුණි.
නෞකාවේ සුන්බුන් ගොඩගැසුණු උස්වැටකෙයියාවේ සිට මීගමුව දක්වා වන වෙරළ තීරය පිරිසිදු කිරීම අඛන්ඩව ඊයේ දිනටත් සිදුවිය.
දුන්ගල්පිටිය මුහුදු තීරය පිරිසිදු කිරීම සඳහා ගුවන් හමුදාව භටයින් 250ක් හා සරක්කුව මුහුදු තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදා භටයන් 100කට අධික පිරිසක් එක්ව සිටි අතර නෞකාවෙන් සාගර ජලයට එක් වූ අපද්‍රව්‍ය හා තෙල් මීගමුව කලපුවට එක්වීම වැළැක්වීමට මෝය කට අසන්නයේ මන්කුළි පාලමෙන් විශේෂිත දැලක් යොදා තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...